සමාජ සේවා

 

 

තොරතුරු වලට ප්‍රවේශ වීමේ පටිපාටිය

ඉහත පනත යටතේ දොම්පෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අදාළ තොරතුරු ලබාගැනීම සඳහා පනතේ සඳහන් තොරතුරු නිලධාරියා වෙත RTI 01 දරන අයදුම්පත්‍රය මගින් අයදුම් කළ හැකිය. මෙම අයදුම්පත්‍රය ඉදිරිපත් කිරිම අනිවාර්ය නොවේ.

තොරතුරු නිලධාරියා

නම: කේ.එම්.ජී.ඒ.කරුණාරත්න
තනතුර: සහකාර ප්‍රාදේශීය ලේකම්
ලිපිනය:දොම්පෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,වෑකේ,කිරිඳිවැල.
සම්බන්ධ කරගත හැකි දුරකථන අංක: +94 33 2253580
ෆැක්ස්: +94 33 2247456
විද්‍යුත් තැපෑල: This email address is being protected from spambots. You need JavaScript enabled to view it. 

තොරතුරු ලබාගැනීමට ඉල්ලුම් කිරිම

  1. තොරතුරු ලබාගැනීමට ලිඛිත RTI -01 අයදුම්පත්‍රය හෝ ලිපියක් වාචික ඉල්ලීමක් තොරතුරු නිලධාරියා වෙත කර එය ලැබුණු බවට ලිපියක් ලබාගන්න.
  2. ඔබේ ඉල්ලීමට අදාල තොරතුරු සැපයිය හැකිද යන්න පිළිබඳව හැකි ඉක්මනින්, කෙසේ වුවද දින 14 ක් තුළ දන්වනු ලැබේ.
  3. ඉල්ලා සිටින ලද තොරතුරු ඔබට දීමට තීරණය කළහොත් කොමිෂන් සභව නියම කළ ගාස්තුවක් ගෙවිය යුතු නම් එය දන්වා එවනු ඇත. තොරතුරු ලබාගැනීමට ගෙවීමක් කළයුතු නම් ඒ අනුව ගාස්තු ගෙවීම මත හෝ ගාස්තු ගෙවිය යුතු නොවේ නම් ගාස්තු රහිතව ඔබට දින 14 ක් තුළ ‍තොරතුරු ලබාදෙනු ඇත.
  4. ගාස්තු ගෙවීමෙන් පසු දින 14 ක් තුළ තොරතුරු ලබාදීම අපහසුවේනම්, තොරතුරු නිලධාරියා විසින් එකී කාලය දීර්ඝකිරිමට අවශ්‍ය හේතු සඳහන් කරමින් දින 21 කට නොවැඩි අතිරේක කාලයක් තුළ ඔබ ඉල්ලා සිටි තොරතුරු ඔබට ලබාදෙනු ඇත
  5. තොරතුරු ලබාගැනීම සඳහා වන ඉල්ලීම් යම් පුරවැසියෙකුගේ ජීවිතය සහ පුද්ගලික නිදහස සම්බන්ධයෙන් වන අවස්ථාවක ඉල්ලීම සඳහා ප්‍රතිචාර දැක්වීම ඉල්ලීම ලැබී පැය 48 ක් තුල සිදුකරනු ඇත.
  6. තොරතුරු ලබාගැනීම සඳහා කරන ලද ඉල්ලීමකට අදාලව,
    1. තොරතුරු ඉල්ලීම සඳහා කරන ලද යම් ඉල්ලීමක් භාරගැනීම ප්‍රතික්ෂේප කිරිම,
    2. පනතේ 5 වැනි වගන්තිය යටතේ ප්‍රදානය කිරිමෙන් මුක්ත කර ඇති තොරතුරු හේතුවෙන් යම් තොරතුරක් වෙත ප්‍රවේශ වීම සදහා අවස්ථාව ලබාදීම ප්‍රතික්ෂේප කිරිම,
    3. පනත මගින් නිශ්චිතවම දක්වා ඇති කාල සීමාවන්ට අනුකූල නොවීම,
    4. සම්පූර්ණ නොවු, නොමඟ යවන හෝ සාවද්‍ය තොරතුරු ප්‍රදානය කිරිම,
    5. වැඩිපුර ගාස්තු අයකිරිම,
    6. ඉල්ලා සිටිනු ලබන ආකෘතියෙන් තොරතුරු සැපයීමට තොරතුරු නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කිරිම,
    7. එම තොරතුරු වෙත එම පුරවැසියා ප්‍රවේශවීම වැළැක්වීම සඳහා එම තොරතුරු විකෘති කර, විනාශ කර හෝ අස්ථානගත කර ඇති බවට තොරතුරු ඉල්ලා සිටිනු ලබන පුරවැසියා හට සාධාරණ හේතු පැවතීම

අවශ්‍ය ආකෘතිපත්‍ර බාගත කිරීම

ආයතන අංශය

දොම්පෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණෙන්නේ කෙසේද?

  • කිරිඳිවැල නගරයේ සිට පැමිණෙන්නේ නම්, මාර්ග අංක 182 හංවැල්ල-කිරිඳිවැල බස් රථයෙන් පැමිණ නාවැටිය මං සන්දිය පසුකර අනතුරුව හමුවන වෑකේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල බස්නැවතුම අසල අප කාර්යාලය පිහිටා ඇත.

ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේදී අයිතිකරු පැමිණිය යුතුද?

  • මේ සදහා අදාල ව්‍යාපාරයේ හිමිකරු පැමිණීම අනිවාර්ය වන අතර ජාතික හැදුනුම්පතද රැගෙන ආ යුතුය.

සමාජ සේවා අංශය

ගර්භණී මව්වරුන්ට ලබා දෙන රු. 20,000/= පෝෂණ දීමනාව ලබා ගන්නේ කෙසේද?

  • ගැබ් ගෙන මාස 3ක් ඉක්මවීමට පෙර ඔබ සහභාගී වූ මාතෘ සායනය අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුල් ළමාවිය සංවර්ධන නිලධාරී හෝ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන නිලධාරියාගෙන් අයදුම්පතක් ලබා ගත හැකිය.

අධ්‍යාපන ආධාර ලබා ගත හැකි අය කවුරුන්ද?

  • දරුවන්ගේ පියා මියගොස් ඇති හෝ සුව කළ නොහැකි ආබාධයකින් පෙළේ නම් පාසැල් යන දරුවන්ට ශිෂ්‍යාධාර ලබා ගත හැකිය.

රාජ්‍ය නොවන සංවිධානයක් ලියාපදිංචි කරන්නේ කෙසේද?

  • ආරම්භ කර වසරක් ඉක්ම වූ රාජ්‍ය නොවන සංවිධාන ලියකියවිලි ලබා දීමෙන් පසුව ලියාපදිංචි කරනු ලබයි.

සමෘද්ධි ප්‍රතිලාභය අලුතින් ලබා ගත හැකිද?

  • දැනට නව ප්‍රතිලාභීන් තෝරා නොගන්නා අතර ඉදිරියේදී සලකා බැලීම සදහා අභියාචනා භාර ගනු ලැබේ.

වැඩිහිටි ආධාර ලබා ගැනීමට අවශ්‍ය සුදුසුකම් මොනවාද?

  • ඉල්ලුම් කරන දිනට වයස අවුරුදු 70ට වැඩි
  • පවුලේ ආදායම මාසයකට රු. 3000ක් හෝ ඊට අඩු නම්

ස්වාමිපුරුෂයා හෝ බිරිඳ යන අයගෙන් එක් අයකුට මේ සඳහා ඉල්ලුම් කළ හැකිය.

අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශය

උප්පැන්න හෝ විවාහ හෝ මරණ සහතිකයේ පිටපත් ලබා ගන්නේ කෙසේද?

  • උප්පැන්න හෝ විවාහ හෝ මරණ සහතිකයේ අංකය හා දිනය දන්නේ නම් රුපියල් 100ක්ද,
  • උප්පැන්න හෝ විවාහ හෝ මරණ සහතිකයේ අංකය හා දිනය නොදන්නේ නම් රුපියල් 200ක්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගෙවා සහතික පත් ලබා ගත හැකිය.
  • මෙහිදී කොළඹ දිස්ත්‍රික්කයේ සිදු වූ උපතක් හෝ විවාහයක් හෝ මරණයක් නම් පමණක් කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අදාල සහතිකපත් ලබා ගත හැකිය.

උපත් ලියාපදිංචි කරන්නේ කෙසේද?

  • සාමාන්‍ය උපතක් ලියාපදිංචි කිරීම සඳහා උපත සිදු වී මාස තුනකට කලින් අදාළ කොට්ධාශයේ උප්පැන්න ලියාපදිංචි කිරිමේ රෙජිස්ට්‍රාර්වරයකු මුණ ගැසී උපත ලියාපදිංචි කර ගත යුතුය.
  • මාස තුනක් පසුවූ උප්පැන්න ලියාපදිංචි කිරීම සඳහා අතිරේක දිස්තික් රෙජිස්ට්‍රාර් මුණ ගැසී අදාළ තොරතුරු ලබා ගන්න.

උප්පැන්න සහතිකයේ සංශෝධන කටයුතු සිදු කරන්නේ කෙසේද?

  • අදාළ ලියකියවිලි රැගෙන අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් මුණගැසෙන්න.

විශ්‍රාම වැටුප් අංශය

සිවිල් විශ්‍රාමිකයා මිය ගිය පසු වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප සාදා ගන්නේ කෙසේද?

  • පළමුව විශ්‍රාමිකයාගේ මරණ සහතිකය ලබා ගෙන විශ්‍රාම වැටුප නතර කිරීම.
  • වැඩිපුර මුදලක් තිබේ නම් එය ගෙන්වා ගැනීමට බැංකුවට ලිපි දැමීම.
  • පසුව අදාල පුද්ගලයා පහත සඳහන් ලිපි ලේඛන රැගෙන එන ලෙස දැනුම් දීම.
    • විශ්‍රාමිකයාගේ මරණ සහතිකයේ මුල් පිටපත
    • වැන්දඹුවගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත
    • විවාහ සහතිකයේ මුල් පිටපත
    • වැන්දඹුවගේ බැංකු පොතේ ඡායා පිටපතක්
    • වැන්දඹුවගේ හැදුනුම්පතේ ඡායා පිටපතක්
    • වැන්දඹු අනත්දරු කාඩ්පතේ ඡායා පිටපතක් හෝ වැන්දඹු අනත්දරු අංකය
    • ග්‍රාම නිලධාරි විසින් සහතික කරන ලද පාස්පෝට් ප්‍රමාණයේ වර්ණ ජායාරූපයක්
    • ඉහත ලියවිලිවල ඡායාපිටපත් සියල්ල ග්‍රාම නිලධාරී විසින් සහතික කල යුතුය.
  • අනතුරුව ඔවුන් අදාල තොරතුරු ලබා දුන් පසු ලිපිගොනුව රැගෙන වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප සෑදීමට අවශ්‍ය කටයුතු කිරීම.

විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප නතර කර ඇත්තේ ඇයි?

  • අදාල වර්ෂය සඳහා ජීවිත සහතිකය ලබා නොදීම නිසා විශ්‍රාම වැටුප නතර කිරීම.
  • විශ්‍රාමිකයා පැමිණි පසු ජීවිත සහතිකය ලබා දීම හා ග්‍රාම නිලධාරී මහතා ලවා සහතික කර රැගෙන එන ලෙස පැවසීම.
  • පසුව නැවත ජීවිත සහතිකය භාර දුන් පසු විශ්‍රාම වැටුප යාවත්කාලීන කිරීම.

වැන්දඹුව මියගිය පසු විශ්‍රාම වැටුප උරුමකරුවන්ට ගෙවන්නේ නැත්තේ ඇයි?

  • වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් පනතට අනුව වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් මුදලට හිමිකම් ලැබූ පුද්ගලයෙක් මිය ගිය පසු එකී පුද්ගලයාට හිමි විය යුතු වැටුපක් හෝ හිඟ මුදලක් ඇත්නම් එම මුදල් ඔවුන්ගේ උරුමකරුවන් වෙත ගෙවීම සඳහා නෛතික ප්‍රතිපාදන නොමැති බව පහදා දීම.
දොම්පෙ ප්‍රාදේශීය සභාව:  
   
  • ලේකම්
033-2269941
  • වෑකේ උප කාර්යාලය
033-2269260
  • පුගොඩ උප කාර්යාලය
011-2405275
  • දොම්පෙ උප කාර්යාලය
011-2536487
  • කෑරගල උප කාර්යාලය
011-2453868
   
පොලිස් ස්ථාන:  
   
  • දොම්පෙ පොලිස් ස්ථානය
011-2409222/ 071-8591615
  • කිරිඳිවැල පොලිස් ස්ථානය
033-2267222/ 033-2267445/ 071-8591614
  • පුගොඩ පොලිස් ස්ථානය
011-2405222/ 011-2405224/ 071-8591616
  • දංගල්ල විශේෂ කාර්ය බලකා මුලස්ථානය 
033-3998446
   
   
  • සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පූගොඩ
011-2404769
  • ගම්පහ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ කාර්යාලය
033-2231430
  • කෑගල්ල ජාතික ‍ගොඩනැගිලි පර්යේෂණ සංවිධාන කාර්යාලය
035-2221798
  • මධ්‍යම පරිසර අධිකාරිය, ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය
033-2232201/033-2232202
  • වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය
033-2222361
  • පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය
033-2228421/033-2225988
  • ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය  ගම්පහ කාර්යාලය
033-2231464
  • ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය  බියගම කාර්යාලය
011-2487003
  • ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය  පූගොඩ කාර්යාලය
011-2404785
  • ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය  කිරිඳිවැල කාර්යාලය
033-3998754
  • ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය
033-2222698
  • වෑකේ ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානය
033-2267893
  • දෙකටන ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානය
011-2455546
  • පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරිය කිරිඳිවැල
033-2267467
  • මාර්ග සංවර්ධන අධිකාරිය - නිට්ටඹුව
033 22879900
  • දෙල්ගොඩ  විදුලි අධිකාරි කාර්යාලය
011-2402052/011-4344726
  • කිරිඳිවැල  විදුලි අධිකාරි කාර්යාලය
033-2267285/033-2247931

හදිසි ආපදාවකදී ගතයුතු පළමු ක්‍රියාමාර්ගය වන්නේ වසමේ ග්‍රාම නිලධාරී දැනුවත් කිරීමයි.

ග්‍රාම නිලධාරී ඇමතිය හැකි දුරකතන අංක පහත ඇමුණුමෙන් ලබාගන්න.

ග්‍රාම නිලධාරී දුරකතන අංක

මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ  පවතින ස්වභාවික ආපදාව වන්නේ කැළණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් ඇති වන ගංවතුර තත්ත්වයන් හා නායයෑමට ලක්වීමත්ය. මෙම අවස්ථාවන්ට මුහුණ දීම සඳහා, අදාළ වසම්වල ග්‍රාම නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන් ආපදා කළමනාකරන මධ්‍යස්ථානය හා එක්ව සිදු කරනු ලැබේ.

ගංවතුර උවදුරට ලක්වන ග්‍රාම නිලධාරි වසම් පහත පරිදි වේ.

අනු අංකය ග්‍රා.නි. වසම් අංකය ග්‍රා.නි. වසමේ නම
1 380 දංගල්ල
2 380 C දංගල්ල උ
3 402 A කළුකොඳයාව බටහිර
4 405 දොම්පේ
5 406 ගල්පොතුගොඩ
6 407 ගිරිදර
7 409 ගුරුවල
8 412 පහළ මාපිට්ගම
9 413 මල්වාන
10 416 සමණබැද්ද
11 416 A සමණබැද්ද උතුර
12 418 නිකවල
13 418 A කපුගොඩ
14 419 කුමාරි මුල්ල
15 420 ඕවිටිගම
16 422 පුගොඩ
17 421 පට්ට්යග‍ම
18 422 A මැණික්ලන්ද
19 423 උඩුගම
20 424 සෙනසුන්ගොඩ
21 424 A උඩකනම්පැල්ල
22 424 B උඩකනම්පැල්ල දකුණ
  • නාය යෑමේ අවධානම ඇති ග්‍රාම නිලධාරි වසම් පහත පරිදි වේ.
අනු අංකය ග්‍රා.නි. වසම් අංකය ග්‍රා.නි. වසමේ නම
1 416 ඒ සමණබැද්ද උතුර
2 378/B උඩවෙල
  • මීට අමතරව හදිසියේ ඇතිවන දැඩි සුළං තත්ව මත ඇතිවන ආපදාවන්ද නිරන්තරයෙන් වාර්ථාවේ.

ආපදාවකදී ඇමතිය හැකි  අනෙක් දුරකථන අංක

තනතුර නම දුරකථන අංකය
ප්‍රාදේශීය ලේකම් එන්.ඒ.ඒ.එස්.නිශ්ශංකආරච්චි මයා 033-2247456
සහකාර ප්‍රාදේශීය ලේකම් කේ.එම්.ජී.ඒ.කරුණාරත්න මිය 033-2253580
ගණකාධිකාරී ටී.එම්.බී.එම්.බී.තෙන්නකෝන් මිය 033-2267536
සහකාර අධ්‍යක්ෂක(සැලසුම්) එම්.සී.ජයතිස්ස මයා 033-2247446
පරිපාලන නිලධාරී ආර්.එම්.ජේ.සී.කේ.ජයසුන්දර මිය 033-2267167
පරිපාලන ග්‍රාම නිලධාරී ඩී.ඒ.යූ.ආර්.දසනායක මයා 033-2267167
සංවර්ධන නිලධාරී (ආපදා සහන) එස්.ඒ.ඩී.කේ.කේ.කුමාර මයා 071-6568411

පොලිස් ස්ථාන :

  පොලිස් ස්ථාන දුරකථන අංක
1 දොම්පෙ ස්ථානාධිපති 011-2409222/ 071-8591615
2 කිරිඳිවැල ස්ථානාධිපති 033-2267222/ 033-2267445/ 071-8591614
3 පුගොඩ ස්ථානාධිපති 011-2405222/ 011-2405224/ 071-8591616
4 විශේෂ කාර්ය බලකා මුලස්ථානය දංගල්ල 033-3998446
  • දොම්පෙ ප්‍රාදේශීය සභාව:
1 ලේකම් 033-2269941
2 වෑකේ උප කාර්යාලය 033-2269260
3 පුගොඩ උප කාර්යාලය 011-2405275
4 දොම්පෙ උප කාර්යාලය 011-2536487
5 කෑරගල උප කාර්යාලය 011-2453868

ආයතනය :

ආයතනය දුරකථන අංක
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පූගොඩ 011-2404769
ගම්පහ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ කාර්යාලය 033 2231430
කෑගල්ල ජාතික ‍ගොඩනැගිලි පර්යේෂණ සංවිධාන කාර්යාලය 0352 221 798/ 0718 627 044
මධ්‍යම පරිසර අධිකාරිය, ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය 033-2232201/033-2232202
වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය 033-2222361
පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය 033-2228421/033-2225988
ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය  ගම්පහ කාර්යාලය 033-2231464
ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය  බියගම කාර්යාලය 011-2487003
ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය  පූගොඩ කාර්යාලය 011-2404785
ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය  කිරිඳිවැල කාර්යාලය 033-3998754
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය 033-2222698
වෑකේ ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානය 033-2267893
දෙකටන ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානය 011-2455546
පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරිය 033-2267467
කිරිඳිවැල  
මාර්ග සංවර්ධන අධිකාරිය - නිට්ටඹුව 033 22879900
විදුලි බල මණ්ඩලය 011-2402052/011-4344726
*දෙල්ගොඩ ශාඛාව  
විදුලි බල මණ්ඩලය 033-2267285/033-2247931
*කිරිඳිවල ශාඛාව  

ප්‍රවාහන පහසුකම් :

අයිතිකරුගේ/ආයතනයේ නම ලිපිනය ආසන සංඛ්‍යාව බස් රථ සංඛ්‍යාව දුරකථන අංකය
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ඩිපෝ අධිකාරී, 54 19 033-2267281
  ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මණ්ඩලය,කිරිඳිවැල 42 36  
    30 2  
    21 3  

සමූපාකාර :

නම පිහිටි ස්ථානය දුරකථනය
සී/ස කිරිදිවැල කෑරගල විවිධ සේවා සමූපකාර සමිතිය කිරිදිවැල 033-2267410
සී/ස දොම්පෙ පූගොඩ විවිධ සේවා සමූපකාර සමිතිය දොම්පෙ 011-2409536

ඉන්ධන පිරවුම්හල් :

පිහිටි ස්ථානය සම්බන්ධ විය යුතු පුද්ගලයා හා ලිපිනය දුරකථන අංකය
කිරිදිවැල කළමනාකරු, සී/ස කිරිදිවැල කෑරගල විවිධ සේවා සමූපකාර සමිති ඉන්ධන පිරවුම්හල 033-2269809
  නිට්ටඹුව පාර,කිරිදිවැල  
දොම්පෙ කළමනාකරු,සී/ස දොම්පෙ පූගොඩ විවිධ සේවා සමූපකාර සමිති ඉන්ධන පිරවුම්හල 011-2405172
  කෙළින් වීදිය දොම්පෙ  

ගබඩා පහසුකම් :

ගබඩාවේ ස්වභාවය පිහිටි ස්ථානය ඉඩ ප්‍රමාණය අයිතිකරු ලිපිනය දුරකථන අංකය
භාණ්ඩ ගබඩාව කිරිදිවැල ව.අ.100*ව.අ.300-1 කළමනාකරු කිරිදිවැල කෑරගල විවිධ සේවා සමූපකාර සමිතිය කළමනාකරු කිරිදිවැල කෑරගල විවිධ සේවා සමූපකාර සමිතිය -කිරිදිවැල 033-2267410
    ව.අ.100*150-2      
භාණ්ඩ ගබඩාව දොම්පෙ ව.අ.1000-1 කළමනාකරු කළමනාකරු-සමූපකාර මන්දිරය. කෙලින් වීදිය දොම්පෙ 011-2409536

පිසු වියළි ආහාර ලබා ගන්නා ආයතන :

වෙළඳ සැල දුරකතන අංකය
සී/ස කිරිඳිවැල වි.සේ.ස සමිතිය 033-3021334
සී/ස දොම්පෙ පුගොඩ වි.සේ.ස. සමිතිය 011-4063024

තැපැල් කාර්යාල :

අනු අංකය පිහිටි ස්ථානය දුරකථනය
1 වැකේ 033-2267170
2 කිරිඳිවැල 033-2267251
3 බෝගහවත්ත 033-2267436
4 රදාවාන 033-2267439
5 පැපිලිවල 033-2267217
6 මීතිරිගල 033-2267215
7 වේරහැර 033-2267371
8 කුට්ටිවිල 033-2267049
9 වතුරුගම 033-2267252
10 මයිලවලාන 033-2267946
11 ගම්පහ 033-2222251
12 උඩකනම්පැල්ල 011-2405221
13 පූගොඩ 011-2405552
14 කපුගොඩ 033-2255212
15 තිත්තපත්තර 033-2255219
16 මණ්ඩාවල 033-2222503
17 ලුණුගම 011-2536770
18 කෑරගල 033-2255294
19 හේනෙගම 033-2255234
20 වෙදගම 033-2222688
21 දොම්පෙ 011-2571502
22 ගුරුවල 033-2571576
23 දෙකටන 033-2571503
24 පාලුගම 033-2571508
25 උඩමාපිටිගම 033-2571507
26 පහල මාපිටිගම 033-2571655
27 දෙමළගම 033-2571570
28 මල්වාන 033-2571520
29 වානළුවාව 033-2571569
30 හිස්වැල්ල 033-2269094
31 පිංගමුව 033-3336914

තාවකාලික රැදවුම් මධ්‍යස්ථාන :

ග්‍රාම නිලධාරි වසම මධ්‍යස්ථානයේ නම හා ලිපිනය රැදවිය හැකි පුද්ගලයන් ගණන සම්බන්ධ විය යුතු පුද්ගලයා සම්බන්ධ විය යුතු දුරකථන අංක
413 මල්වාන ලෙනගම්පළ රජමහා විහාරය,ලෙනගම්පළවත්ත,මල්වාන 50 පූජ්‍ය කොල්ලුපිටියේ සංඝරක්ඛිත කා හිමි/මොරවක ධම්මානන්ද හිමි 011-2535934
416 සමනබැද්ද යටෝවිට රෝමාණු කතෝලික පල්ලිය,යටෝවිට,තිත්තපත්තර 80 ග්‍රාම නිලධාරි 071-0125071
412 පහළ මාපිටිගම නන්දාරාම විහාරය,පහළ මාපිටිගම,මල්වාන 120 පූජ්‍ය පල්ලේගම පාලිත හිමි 011-2571870
418/A කපුගොඩ පුරාණ විහාරය,ගිරිදර,කපුගොඩ 100 පූජ්‍ය මැදිරිගිරියේ විමලානන්ද හිමි 011-2406068
378 හිස්වැල්ල සෛලතලාරාමය,හිස්වැල්ල,කිරිදිවැල 70 පූජ්‍ය විජයරාජපුර විජිත නන්ද හිමි 033-2268489

හෙලිකොප්ටර් ගොඩ බැස්සවීමේ ස්ථාන:

ස්ථානයේ නම(ක්‍රීඩාංගනය) ග්‍රාම නිලධාරි වසම
කිරිදිවැල මධ්‍ය මහා විද්‍යාලය 386 මිල්ලතේ
රදාවාන මහගමසේකර මහා විද්‍යාලය 390 රදාවාන
ඕවිටිගම බෝධිරාජ මහා විද්‍යාලය 420 ඕවිටිගම
සියනෑ ජාතික පාසල 405 ඒ ඉද්දමල්දෙනිය
දෙකටන පද්මාවතී මධ්‍ය මහා විද්‍යාලය 401 සී නාමළුව
මණ්ඩාවල  මහා විද්‍යාලය 394 මණ්ඩාවල
දංගල්ල ධර්මරාජ මහා විද්‍යාලය 380 දංගල්ල
වේරහැර බණ්ඩාරනායක මහා විද්‍යාලය 382 වේරහැර
ලුණුගම සිරිපැරකුම්බා මහා විද්‍යාලය 410 ඉහල ලුණුගම
මල්වාන මහා විද්‍යාලය 413 මල්වාන
දොම්පෙ මහා විද්‍යාලය 404 ඒ ගනේගොඩ
වතුරුගම මහා විද්‍යාලය 393 වතුරුගම
අනුරගොඩ කනිෂ්ඨ විද්‍යාලය 392 අනුරගොඩ
කෑරගල සංඝරාජ මහා විද්‍යාලය 397 කෑරගල
පැලහැල ශ්‍රී රාහුල විද්‍යාලය 400 පැලහැල
පැල්පිට කනිෂ්ඨ විද්‍යාලය 393 පැල්පිට
පැපිලියවල කනිෂ්ඨ විද්‍යාලය 392 අනුරාගොඩ
මීතිරිගල කනිෂ්ඨ විද්‍යාලය 379 මීතිරිගල
තිත්තපත්තර කනිෂ්ඨ විද්‍යාලය 417 තිත්තපත්තර
කිරිඳිවැල මහා විද්‍යාලය 386 මිල්ලතේ
මණ්ඩාවල මහින්ද විද්‍යාලය 394 මණ්ඩාවල උතුර
දෙකටන ප්‍රාථමික විද්‍යාලය 401 දෙකටන
පල්ලෙගම ආනන්ද විද්‍යාලය 381 පල්ලේගම
කිඹුල්විලවත්ත මහා විද්‍යාලය 412 ඒ කිඹුල්විලවත්ත
දොම්පෙ දේවි බාලිකා විද්‍යාලය 405 දොම්පෙ

අනු-ප්‍රවර්ගයන්

පුවත් සහ සිදුවීම්

27
දෙසැ2023
ආබාධ සහිත තැනැත්තන්ගේ ජාත්‍යන්තර දින ප්‍රාදේශීය සැමරුම්  උත්සවය

ආබාධ සහිත තැනැත්තන්ගේ ජාත්‍යන්තර දින ප්‍රාදේශීය සැමරුම් උත්සවය

ආබාධ සහිත තැනැත්තන්ගේ ජාත්‍යන්තර දින ප්‍රාදේශීය සැමරුම් ...

25
ඔක්2023
සාහිත්‍ය කලා මහෝත්සවය 2023

සාහිත්‍ය කලා මහෝත්සවය 2023

සාහිත්‍ය කලා මහෝත්සවය 2023

25
ජන2023
සංහිඳියා සංචාරය - යාපනය දොම්පෙ තෛපොංගල් සැමරුම.

සංහිඳියා සංචාරය - යාපනය දොම්පෙ තෛපොංගල් සැමරුම.

යාපනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කල යාපනය...

25
ජන2023
සංහිඳියා සංචාරය - යාපනය

සංහිඳියා සංචාරය - යාපනය

යාපනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා දොම්පෙ ප්‍රාදේශීය...

03
ජන2023
සියනෑ නිලදරු ප්‍රතිභා 2022

සියනෑ නිලදරු ප්‍රතිභා 2022

දොම්පෙ ප්‍රාදේශීය ලේකම්තුමාගේ සංකල්පයක් මත කාර්යාලයේ නිලධාරීන්ගේ...

27
දෙසැ2022
සිපිරි ගෙදරට නත්තල් ...

සිපිරි ගෙදරට නත්තල් ...

දොම්පෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා සමෘද්ධි ප්‍රජා...

20
දෙසැ2022
සිපිරි ගෙයින් ඔබ්බට...

සිපිරි ගෙයින් ඔබ්බට...

ගීතය තුළින් ඔබ දකිමු දෙවන වැඩසටහන 2022.11.25...

28
නොවැ2022
සිපිරි ගෙයින් ඔබ්බට...

සිපිරි ගෙයින් ඔබ්බට...

මීතිරිගල කන්දවත්ත බන්ධනාගාර මත්ද්‍රව්‍ය ප්‍රතිකාර හා පුනරුත්ථාපන...

21
ඔක්2022
දොම්පෙ වැඩිහිටි බල මණ්ඩල ආගමික වැඩසටහන

දොම්පෙ වැඩිහිටි බල මණ්ඩල ආගමික වැඩසටහන

දොම්පෙ වැඩිහිටි බල මණ්ඩල ආගමික වැඩසටහන -...

17
ඔක්2022
Build a house for Elder Person

Build a house for Elder Person

The initial opportunity to build a house...

« »
Scroll To Top