අපගේ සේවාවන්

කෘෂිකාර්මික සේවා

  • බල ප්‍රදේශයට අයත් සියළුම ගොවි ජනතාවට ප්‍රශස්ත ලෙස හා ඵලදායීව කෘෂිකාර්මික කටයුතු වල නියැලීම සඳහා අවශ්‍ය උපදෙස්, තොරතුරු, මගපෙන්වීම් හා අධීක්ෂණ කටයුතු සිදු කිරීම.
  • ගොවි ගැටළු හා ආරවුල් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම හා ගැටළු නිරාකරණය කිරීමට සහය ලබා දීම.
  • සුළු වාරි මාර්ග, වැව්, අමුණු ආරක්ෂා කර ගැනීම සහ අවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට සහය වීම.
  • පොහොර සහනාධාර වැඩසටහන මගින් වගාවන්ට අවශ්‍ය පොහොර ලබා දීම.
  • වගාවන් සඳහා අවශ්‍ය පුහුණු වැඩසටහන් පැවැත්වීම.
  • කෘෂිකාර්මික ඉඩම් වල නෛතිකභාවය තහවුරු කිරීමට කුඹුරු ඉඩම් නාමලේඛණ සංශෝධනය.
  • දේශගුණික හෝ වන සතුන්ගෙන් සිදුවන වගා හානි සම්බන්ධව වාර්ථා කර ඒ වෙනුවෙන් ගොවීන්ට වන්දි ලබා දීම සඳහා සහය වීම.
  • වගා නොකරන කුඹුරු ඉඩම්, කුඹුරු ඉඩම් වල වෙනත් වගා හා ඉදිකිරීම් සම්බන්ධව ගොවිජන සංවර්ධන පනත ප්‍රකාරව කටයුතු කිරීම.

අලෙවි සේවා

  • බීජ වර්ග
  • පැළ වර්ග
  • උපකරණ (වතුර මෝටර්, උදළු තල, ස්ප්‍රේ යන්ත්‍ර වැනි)
  • විසිතුරු පැල හා මල් වර්ග
  • බිත්තර වී
  • පොහොර වර්ග (කොම්පෝස්ට්, යූරියා)
  • ගොවිජන සේවා අලෙවිසල මගින් දේශීය නිෂ්පාදන අලෙවි කිරීම.

ගොවිජන බැංකු සේවා

  • ගොවි සංවිධාන හා සිතමු කාන්තා ගොවි සංවිධාන හරහා කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් පහසු ගෙවීමේ ක්‍රමය යටතේ ණය පහසුකම් ලබා දීම (කාබනික පොහොර නිෂ්පාදනය, යන්ත්‍රෝපකරණ සඳහා).
  • තනි පුද්ගලයින් සඳහා ව්‍යවසායකත්ව ණය ලබා දීම.
  • ළමා ඉතුරුම් පවත්වා ගෙන යාම.
  • පුද්ගල ඉතුරුම් පවත්වා ගෙන යාම.

වෙනත් සේවා

  • ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමයට ගොවීන් සම්බන්ධ කිරීම.
  • පොල් වගාවට/ සුළු අපනයන භෝග වගාවට හා කෘෂිකර්ම උපදේශනය අවශ්‍ය ගොවීන්, අදාල නිලධාරීන් වෙත යොමු කිරීම.

පුවත් සහ සිදුවීම්

27
දෙසැ2023
ආබාධ සහිත තැනැත්තන්ගේ ජාත්‍යන්තර දින ප්‍රාදේශීය සැමරුම්  උත්සවය

ආබාධ සහිත තැනැත්තන්ගේ ජාත්‍යන්තර දින ප්‍රාදේශීය සැමරුම් උත්සවය

ආබාධ සහිත තැනැත්තන්ගේ ජාත්‍යන්තර දින ප්‍රාදේශීය සැමරුම් ...

25
ඔක්2023
සාහිත්‍ය කලා මහෝත්සවය 2023

සාහිත්‍ය කලා මහෝත්සවය 2023

සාහිත්‍ය කලා මහෝත්සවය 2023

25
ජන2023
සංහිඳියා සංචාරය - යාපනය දොම්පෙ තෛපොංගල් සැමරුම.

සංහිඳියා සංචාරය - යාපනය දොම්පෙ තෛපොංගල් සැමරුම.

යාපනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කල යාපනය...

25
ජන2023
සංහිඳියා සංචාරය - යාපනය

සංහිඳියා සංචාරය - යාපනය

යාපනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා දොම්පෙ ප්‍රාදේශීය...

03
ජන2023
සියනෑ නිලදරු ප්‍රතිභා 2022

සියනෑ නිලදරු ප්‍රතිභා 2022

දොම්පෙ ප්‍රාදේශීය ලේකම්තුමාගේ සංකල්පයක් මත කාර්යාලයේ නිලධාරීන්ගේ...

27
දෙසැ2022
සිපිරි ගෙදරට නත්තල් ...

සිපිරි ගෙදරට නත්තල් ...

දොම්පෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා සමෘද්ධි ප්‍රජා...

20
දෙසැ2022
සිපිරි ගෙයින් ඔබ්බට...

සිපිරි ගෙයින් ඔබ්බට...

ගීතය තුළින් ඔබ දකිමු දෙවන වැඩසටහන 2022.11.25...

28
නොවැ2022
සිපිරි ගෙයින් ඔබ්බට...

සිපිරි ගෙයින් ඔබ්බට...

මීතිරිගල කන්දවත්ත බන්ධනාගාර මත්ද්‍රව්‍ය ප්‍රතිකාර හා පුනරුත්ථාපන...

21
ඔක්2022
දොම්පෙ වැඩිහිටි බල මණ්ඩල ආගමික වැඩසටහන

දොම්පෙ වැඩිහිටි බල මණ්ඩල ආගමික වැඩසටහන

දොම්පෙ වැඩිහිටි බල මණ්ඩල ආගමික වැඩසටහන -...

17
ඔක්2022
Build a house for Elder Person

Build a house for Elder Person

The initial opportunity to build a house...

« »
Scroll To Top