අපගේ දැක්ම
කාර්යක්ෂම හා ඵලදායී රාජ්‍යසේවයක් තුළින් ප්‍රාදේශීය ජනතාවට උපරිම සේවය සැලසීම.අපගේ මෙහෙවර
රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව සේවා සැපයීම,සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගිත්වයෙන් යුත් කාර්යක්ෂම,තිරසාර හා සැලසුම්ගත සංවර්ධන ක්‍රියාවලියක් තුළින් ප්‍රදේශයේ ජන දිවිය නංවාලීම.
බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ, සියනෑ කෝරළයේ ගඟබඩ පත්තුවේ, දර්ශනීය භූමි භාගයක දොම්පෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පිහිටා ඇත.උතුරින් අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ද, දකුණින් කැළණි ගඟෙන් ද, නැගෙනහිරින් කෑගල්ල දිස්ත්‍රික් මායිමෙන් හා රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ද,බටහිරින් බියගම හා මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලින් ද,මෙම කොට්ඨාසය මායින්ව පවතී.මෙම කොට්ඨාසයේ විශාලත්වය වර්ග කි.මි. 178.3 ක් වන අතර බිම් ප්‍රමාණය හෙක්ටාර් 11709.2 කි.භෞතික පිහිටීම හා පරිසර තත්ත්ව අනුව මෙම කොට්ඨාසය කෘෂි ආර්ථික රටාවකට හිමිකම් කියයි.ග්‍රාම නිලධාරී වසම් 133 කින් සමන්විත වේ.
ආයතනයේ විකාශනය
-
ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය උප දිසාපති කොට්ඨාශ ආරම්භ කිරීමේ දී පළමුවෙන් ඇතිකරන ලද උපදිසාපති කොට්ඨාශය ලෙස වෑකේ උපදිසාපති කොට්ඨාශය හැදින්විය හැකිය.
- මුලදී ව්‍යවහාර කරන ලද වෑකේ උප දිසාපති කාර්යාලය යන්න 1992.10.29 දින සිට වෑකේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ලෙසටත්,පසුව මැතිවරණ කොට්ඨාශයේ නාමයෙන් හැඳින්විය යුතුය යන අදහසින් 1996.04.04 දින සිට දොම්පෙ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ලෙසටත් පරිවර්ථනය කරන ලදී.
- ග්‍රාම නිලධාරී වසම් 51කින් ආරම්භ වූ මෙම කොට්ඨාශය වර්තමානයේ ග්‍රාම නිලධාරී වසම් 133 කින් හා ගම් 168 කින් සමන් විත වේ.
1971 වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්
| නම | සිට | දක්වා |
| බර්ටි ජයසේකර මහතා | 1971 | 1974 |
| විමල් අමරසේකර මහතා | 1974 | 1978 |
| සු.හෙ.මු චන්ද්‍රසේන මහතා | 1978 | 1978 |
| බැස්ටියන් ලියනගේ මහතා | 1978 | 1988 |
| බැසිල් හැරිසන් පෙරේරා මහතා | ||
| සේනානායක මහතා | ||
| පී.ඒ අබේසේකර මහතා | 1990 | 1992 |
| ආරියදාස කුරේ මහතා | 1992 | 1995 |
| එච්.කේ ජයවර්ධන මහතා | 1995 | 2001 |
| සී.පී.ඩබ්ලිව්. ගුණතිලක මිය | 2001 | 2011 |
| එච්.ජී.ජේ.පී විජයසිරිවර්ධන මිය |
2011 |
2019 |
| එම්.ඩී.ජේ.ප්‍රසාද් මයා | 2019 | 2020 |
| එන්.ඒ.ඒ.එස්.නිශ්ශංකආරච්චි මයා | 2020 |
















