සමාජ සුභසාධන සහ සහන
සමාජයේ අවාසියට හා පෙළීම් වලට ලක්වූ ජන කොටස් වෙත සහන හා පුනරුත්ථාපනය ලබා දෙමින් ඔවුන් සංවර්ධන ක්රියාවලියෙහි හවුල්කරුවන් බවටපත් කිරීම අරමුණු පෙරදැරිව දොම්පෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශය මගින් ප්‍රදේශයේ අබාධිත පුද්ගලයන්ගේ වෘත්තීය නිපුණතා වර්ධනය කරමින් ඔවුන් නගා සිටුවීම සඳහා විවිධ සමාජ සංවර්ධන වැඩ සටහන් ක්‍රියාත්මක කරයි.
![]() |
||
![]() |
||
![]() |
||
විශ්‍රාම වැටුප් අංශය තුලින් විශ්‍රාමික ප්‍රජාව වෙත සිදුකරනු ලබන කාර්යයන්
- සිවිල් හා හමුදා විශ්‍රාම වැටුප් කාර්යයන්
- විශ්‍රාම වැටුප් ලිපිගොනුව ලද පසු විශ්‍රාමික ප්‍රකාශ පත්‍රය හා ග්‍රාම නිලධාරී වාර්තා ලබාගැනීම.
- විශ්‍රාම ගොස් වසර දහය සම්පූර්ණ වූ පසු දස අවුරුදු වැටුප් සංශෝධනය කිරීම හා වෙනත් විශ්‍රාම වැටුප් සංශෝධන සිදු කිරීම.
- විශ්‍රාමිකයා මියගිය පසු මාසික විශ්‍රාම වැටුප් උරුම කරුවන් වෙත ගෙවීම් කිරීම.
- විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම.
- වැන්දඹු/වැන්දඹු පුරුෂ විශ්‍රාම වැටුප් කාර්යයන්
- විශ්‍රාමිකයා මිය ගිය පසු වැන්දඹුව / වැන්දඹු පුරුෂයා වෙත වැන්දඹු/වැන්දඹු පුරුෂ විශ්‍රාම වැටුප් සැකසීම.
- මව පියා දෙදෙනාම නොමැති අවස්ථාක දී අවුරුදු 26 ට අඩු රැකියා විරහිත දරුවන් වෙත අනත් දරු විශ්‍රාම වැටුප් සැකසීම.
- ආබාධිත විශ්‍රාම වැටුප් ගෙවීමට අදාල මූලික පරීක්ෂණ සිදු කිරීම.
- වයස අවුරුදු 18 සම්පූර්ණ වූ අනත් දරුවන්ගේ බැංකු පොත් නිදහස් කිරීම.
- පොදු කාර්යයන්
- විශ්‍රාමිකයන් සඳහා දුම්රිය බලපත්‍ර නිකුත් කිරීම.විශ්‍රාමිකයන් වෙත වාර්ෂිකව දුම්රිය බලපත්‍ර කට්ටල තුනක් නිකුත් කිරීම කරනු ලබයි.
- වාර්ෂික පදිංචි සහතික ලබා ගැනීම.
- වැටුප් වාර්තා ලබා ගැනීම.
2022 වර්ෂයේ විශ්‍රාම වැටුප් ගෙවීම
2022 වර්ෂයේ මාසික විශ්‍රාම වැටුප් ගෙවීම පහත සඳහන් දිනයන් හි සිදුකෙරේ.
| මාසය | දිනය |
| ජනවාරි | 07 සිකුරාදා |
| පෙබරවාරි | 10 බ්‍රහස්පතින්දා |
| මාර්තු | 10 බ්‍රහස්පතින්දා |
| අප්‍රේල් | 08 සිකුරාදා |
| මැයි | 10 අඟහරුවාදා |
| ජුනි | 10 සිකුරාදා |
| ජූලි | 08 සිකුරාදා |
| අගෝස්තු | 10 බදාදා |
| සැප්තැම්බර් | 09 සිකුරාදා |
| ඔක්තෝබර් | 06 බ්‍රහස්පතින්දා |
| නොවැම්බර් | 10 බ්‍රහස්පතින්දා |
| දෙසැම්බර් | 09 සිකුරාදා |



















