ජාතික හැඳුනුම් පත

මුල්වරට හැඳුනුම්පතක් ලබාගැනීම සඳහා අවශ්‍ය සුදුසුකම්

(අ) ශ්‍රී ලංකාවේ පදිංචි පුරවැසියෙකු විය යුතුය.

(ආ) වයස අවුරුදු 15 සම්පූර්ණ විය යුතුය.

අයදුම්පතක් ලබා ගැනීම

  1. අයදුම්කරු පදිංචි වසමේ ග්‍රාම නිලධා‍රී
  2. වතු පදිංචිකරුවන් අදාළ වතු අධිකාරී
  3. පාසල් අයදුම්කරුවන් අදාළ පාසලේ විදුහල්පතිවරයා හෝ පරිවේණාධිපති

ඒ අනුව තමා ලබාගත් අයදුම්පත සම්පූර්ණ කර අවශ්‍ය ලිපි ලේඛන සමග අයදුම්පත ලබාගත් ඉහත සඳහන් නිලධාරින් වෙතට භාරදිය යුතු වේ.

මුල්වරට හැඳුනුම්පතක් ලබාගැනීම සඳහා ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන.

  1. සම්පූර්ණ කරන ලද පු.ලි.දෙ.වි.1 ආකෘති පත්‍රය (සුදු පාට ‍හෝ සුදු පාටට හුරු)
  2. අයදුම්කරු වයස අවු. 50 ට අඩුනම් අනිවාර්යයෙන්ම උප්පැන්න සහතිකය හෝ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් නිකුත් කරන අනුමාන වයස් සහතිකය
  • අනුමාන වයස් සහතිකයක් ඉදිරිපත් කරන අයදුම්කරුවකු සඳහා උපන්දිනය වශයෙන් සලකනු ලබන්නේ අනුමාන වයස් සහතිකයෙහි සඳහන් වර්ෂයෙහි ජුලි මස පළමු දිනයයි.
  1. අයදුම්කරුගේ වයස අවු. 50 ට වැඩිනම් ද, උප්පැන්න සහතිකය ‍හෝ අනුමාන වයස් සහතිකය නොමැතිනම් පමණක් ලේඛන සෙවීමේ හිස් ප්‍රතිඵල සටහන හා උපන්දිනය තහවුරු කරන දිවුරුම් ප්‍රකාශයක් සමග පහත දැක්වෙන විකල්ප ලේඛන දෙකක්‍ හෝ වැඩි ප්‍රමාණයක්ඉදිරිපත් කළ යුතුය.
  • පාසල් හැරයාමේ සහතිකය.
  • බෞතිස්ම සහතිකය.
  • අයදුම්කරුගේ/අයදුම්කාරියගේ උපන්දිනය සඳහන්ව ඇති දරුවන්ගේ උප්පැන්න සහතික පිටපත්
  • උප්පැන්න සහතිකයේ උපු‍ටාගත් කොටස
  • ශ්‍රී ලංකාවේ පුරවැසි සහතිකය (උපන්දිනය ඇතුළත්ව තිබේනම්)
  • වතු හැරයාමේ සහතිකය (උපන් දිනය ඇතුළත්ව තිබේනම්)
  • ගමන් බලපත්‍රයේ  අදාළ පිටුවල සහතික කළ පිටපත්
  • වතු අධිකාරී විසින් නිකුත් කරන ලද ලියාපදිංචි කාඩ්පත
  • ජන්ම පත්‍රය (හඳහන)
  1. විදේශයක උපත ලද්දකු නම් ශ්‍රී ලංකාවේ පුරවැසි බව ලබා ගත් ආගමන විගමන දෙපාර්ත‍මේන්තුව මගින් නිකුත් කළ පුරවැසි සහතිකය සහ එහි ඡායා පිටපත.
  2. අයදුම්කරු විවාහක කාන්තාවක් වන විට ස්වාමිපුරුෂයාගේ නම ලබාගැනීමට අදහස් කරන්නේ නම් ඒ සඳහා විවාහ සහතිකයේ මුල් පිටපත හා එහි ඡායා පිටපත.
  3. 1 ⅜” X ⅞” ප්‍රමාණයේ වර්ණ ඡායාරූප 5 ක්
  1. තම රැකියාව හැඳුනුම්පතේ සඳහන් කිරීම අවශ්‍ය වන්නේ නම් ඊට අදාළ සේවා සහතිකය ද (මාස 03 ක් ඇතුළත ලබා ගත්), වෘත්තීයමය සුදුසුකම් ලත් අය එම සුදුසුකම් සනාථ කිරීමට අදාළ සහතිකය ද ඉදිරිපත් කළ යුතුය. උදා: වෛද්‍ය , ගණකාධිකාරි , නීතීඥ , ඉංජිනේරු  වැනි වෘත්තීය සුදුසුකම් සඳහා උපාධි සහතිකය ඉදිරිපත් කළ යුතුය.
  • ව්‍යාපාරිකයන් ඒ සඳහා ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ සහතිකයේ සහතික කළ පිටපතක් ඉදිරිපත් කළ යුතුය.
  1. පූජ්‍යත්වය සනාථ කිරීම සඳහා -
  • බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් නම් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවෙන් ලබාගත් සාමණේර සහතිකය හෝ උපසම්පදා සහතිකය
  • දසසිල් මාතාවක් නම් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිවීමේ සහතිකය
  • ඉස්ලාම් පූජකවරුන් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් ලබාගත් සහතිකය
  • හින්දු පූජකවරුන් හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් ලබාගත් සහතිකය
  • කතෝලික පූජකවරුන් අදාළ පැවිදි නිකායේ ප්‍රධානීන් වෙතින් ලබාගත් සහතිකය

අදායම් සහතිකපත

අදායම් සහතිකපත....

තක්සේරු වාර්තා

තක්සේරු වාර්තා...

තක්සේරු සහතිකපත

තක්සේරු සහතිකපත...

පදිංචිය සනාථ කිරීමේ සහතිකපත

පදිංචිය සනාථ කිරීමේ සහතිකපත...

පදිංචිය හැරයාමේ සහතිකපත

පදිංචිය හැරයාමේ සහතිකපත...

ජල පහසුකම ලබාගැනීම සඳහා වූ සහතිකපත

ජල පහසුකම ලබාගැනීම සඳහා වූ සහතිකපත...

විදුලිබල පහසුකම ලබාගැනීම සඳහා වූ සහතිකපත

විදුලිබල පහසුකම ලබාගැනීම සඳහා වූ සහතිකපත...

පොදු උපදෙස්

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඔප්පු පිටපත් ඉදිරිපත් කිරීමේ දී සැලකිය යුතු කරුණු..

බාගත කරන්න

 

ගස් කැපීම සඳහා බලපත්‍ර

ගස් කැපීම සඳහා බලපත්‍ර ලබා ගැනීම.

කොස්,දෙල් ,තල් වැනි සීමිත ගස් කැපීම සඳහා ඕනෑම කෙනෙකු විසින් බලපත්‍ර ලබා ගැනීම අත්‍යාවශ්‍යවේ.

සුදුසුකම්

කොස්,දෙල්,තල් ගස් කැපීම සඳහා බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ පහත සඳහන් අවස්ථාවලදීය.

    • උසාවිය මගින් තීන්දුව දුන් පසුව
    • සංවර්ධන කටයුතු සඳහා ගස් ඉවත් කිරීමට සිදු වන අවස්ථාවල කෘෂිකර්මික සංවර්ධන  (මාර්ග සංවර්ධනය හෝ මාර්ග පළල් කිරීම විදුලි බලය සැපයීම වැනි අවස්ථා)
    • ගෙයක් තනන අවස්ථාවකදී ගෙය සැලැස්මට මැදිවූ අවස්ථාවකදී
    • ස්වභාවික හේතූන් මත කෘෂිකර්මික
    • ගස් වලින් ජීවිත වලට හා දේපල වලට හානි සිදුවීමේ හේතුවෙන්.
  • දිරාගිය ගස්.

අවශ්‍ය කරන ආධාරක ලියකියවිලි

    • ග්‍රාම නිලධාරීතුමාගේ නිර්දේශය
    • ඉඩමේ ඔප්පුව
    • ඉඩමේ සැලැස්ම
    • ගෙයි හා වෙනත් ගොඩනැගිලි පිළිබඳ සැලැස්ම
    • වෙනත් අය සමඟ සම්බන්ධ ඉඩමක් නම් අනිත් හවුල් කරුවන්ගේ කැමැත්ත ග්‍රාම නිලධාරී විසින් සනාථ කරන ලිපිය.
    • උසාවියෙන් දෙන ලද තීන්දුවක් ඇත්නම් ඒ ලියකියවිලි.
  • ප්‍රාදේශීය සභාව මගින් දෙන තීන්දුවක් ඇත්නම් ඒ ලියකියවිලි

ඉල්ලූම්පත භාර දීම

සම්පූර්ණ කරන ලද ඉල්ලූම් පත්‍රය ග්‍රාම නිලධාරීට භාර දිය යුතුය.  ඉන්පසු ග්‍රාම නිලධාරී විසින් එම ඉල්ලූම් පත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට භාර දෙනු ලැබේ.

සැ.යු:
ඉල්ලූම් කරුගේ අයිතිය තහවුරු කිරීම සඳහා ඉඩමේ ගොඩනැගිලි හා නිවසේ, සැලැස්ම හා ඔප්පුව අවශ්‍ය වේ.  මේ ගස් වලට ගොඩනැගිලි වලට හා නිවසට වන කරදර තහවුරු කිරීම සදහා.

පියවරෙන් පියවර ක්‍රියාවලිය

පියවර 1: ඉල්ලූම්කරු විසින් අදාළ ග්‍රාම නිලධාරී ඉල්ලූම්පතක් ලබා ගත යුතුය.

පියවර 2: අවශ්‍ය කරන ලියකියවිලි සහිතව සම්පූර්ණ කරන ලද ඉල්ලූම්පත ග්‍රාම නිලධාරිට භාර දිය යුතුය.

පියවර 3:ග්‍රාම නිලධාරී විසින් කරන ලද වාර්තාව ඉල්ලූම්පත සමඟ ඇමිණිය යුතුය.

පියවර 4:ග්‍රාම නිලධාරී විසින් සපයන ලද ලියකියවිලි සහිත ඉල්ලූම්පත අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට භාර දෙනු ඇත.

පියවර 5: ප්‍රාදේශීය ලේකම් තුමා හෝ සහකාර ප්‍රාදේශීය ලේකම් සත්වැනි පරික්ෂණය සිදුකල හැක.

පියවර 6: ප්‍රාදේශීය ලේකම් හෝ සහකාර ලේකම් විසින් ඉල්ලූම්පත අනුමත කල පසු අයදුම් කරන්නා බලපත්‍රයක් නිකුත් කල හැකිය.

විශේෂ කරුණු

1. ඉ.ස.අ. බලපත්‍ර සහිත ඉඩම් වලින් ගස් කැපීම

  • එල්. ඩි. බලපත්‍ර සහිත ඉඩමකින් ගස් කැපීම සඳහා බලපත්‍ර අනිවාර්ය වේ.
  • එල් එල් පර්මිට් ලබා ගැනීමෙන් පසු තමා විසින් වවන ලද ගසක් කැපීමට හා ප්‍රවාහනය කිරීමට අවසර ලබා ගැනීමට නම් ගස අවුරුදු 20 ක් පරණ වීම ගසේ කඳ අඩුම තරමේ අඩි 3 1/2 මහත් වීම අවශ්‍ය වේ.
  • කෙසේ වුවද ඇලෙස්ටෝනියා ලූණු මිදෙල්ල, වල් සපු, ඇල්බීසියා, ඉපිල් ඉපිල් වැනි ගස් කැපීම හා ප්‍රවාහනය කිරීම සඳහා පවා අවුරුදු 15 ක් ගත විය යුතු අතර, ගස් වල කඳ මහත අඩි 2 2/1 කම වැඩි විය යුතුය.
  • බලපත්‍රයක් ලබා ගැනීමට පෙර තබූ ස්වභාවික ගස් ඵම ඉඩමේ තනන වර්ග අඩි 1200 අඩු ගොඩනැගිල්ලක් හෝ නිවසක අවශ්‍යතා සඳහා උපරිම ඝන මීටර් 7 ක් දක්වා ගස් කපා ගැනීමට බලපත්‍රයක් ලබා ගත හැක. ඵවැනි ඉල්ලීමක් සළකා බලනුයේ ඉඩමේ බලපත්‍රයට වසර 3ක් සමීපූර්ණ වී ඇත්නමී පමණි 

2. ස්වර්ණ භූමි ජය භූමි ප්‍රදානය ඉඩම් උරුමයන්හි ගස් කැපීම
ඉඩමේ සීමාව ඇතුළත තිබෙන කොස් , දෙල්, තල් ගස් හැර අනෙකුත් ගස් කපා ගැනීමටද බලපත්‍රයක් අවශ්‍ය වේ.  ගස් කපා ගැනීමට සුදුසු බලපත්‍රයක් ලබා ගත හැක්කේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙනි.

3.දිර්ගකාලින බදු ඉඩම් වලින් ගස් කපා ගැනීම
දීමනා පත්‍රයක් සකසා නැති මධ්‍යම පංතියේ ඉඩම් වලින් ඉවත් කෙරෙන දැව රාජ්‍ය දැව සංස්ථාව වෙත බාර දිය යුතුය

4.
වාර්ෂික බලපත්‍ර සහිත ඉඩමී වල දැව හෙලීම

වාර්ෂික බලපත්‍ර සහිත ඉඩම් වල කිසිම ගසක් කිසිම තැනකින් කපා ගැනීමට හිමිකමක් නොමැත. මැරුණ හෝ කඩා වැඩුනු ගසක්, අයින් කිරීමේදී රජයේ දැව සංස්ථාව වෙත යොමු කළ යුතුය.

දැව ප්‍රවාහනය සඳහා බලපත්‍ර (නව/දීර්ඝකිරීම)

දැව ප්‍රවාහනය සඳහා බලපත්‍රයක් ලබා ගැනීම.

  • සීමිත දැව(එබනි,කළු මැදිරිය,බුරුත,හුලංහික්,පලූ,සූරිය මාර,ගම් මාළු, හල්මිල්ල, මිල්ල, වෙලන්, පානක්ක, කුඹුක්, කොහොඹ, මී)  
    ප්‍රවාහනය සඳහා බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙනි.ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින්
    සීමිත යටත් නොවන දැව ප්‍රවාහනය සඳහා බලපත්‍ර ලබාදේ.
  • කොටස් ගාන ලද දැව,අලූත් ලී බඩු, ජනෙල් රාමු, ජනෙල් දොරවල්, දොර රාමු, දොරවල් වැනි  සීමාවලට යටත් නොවන දැව ප්‍රවාහනය සඳහා බලපත්‍ර ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් ලබා ගත හැකිය.
  • සීමිත වර්ග වලට අයත්  හල්මිල්ල හා  කොහොඹ යන වර්ග වලින් ගස් 2 කට නොවැඩි ගනනකින් ලබා ගත් කඳන් හෝ එම කඳන්
    වලින් ඉරන ලද දැව හෝ එම දැව වලින් සාදන ලද ජනෙල් රාමු, ජනෙල් දොරවල් දොර රාමු, දොර පියන් ප්‍රවාහනය සඳහා
    බලපත්‍ර  සිටින අවස්ථාවක අදාල ග්‍රාම නිලධාරීගේ  වාර්තාව ලබා ගැනීමෙන් පසුව ප්‍රාදේශීය ලේකම් විසින් නිකුත්කල
    හැකිය.

දැව ප්‍රවාහනය සඳහා බලපත්‍ර ලබා ගැනීම-පියවරෙන් පියවර ක්‍රියාවලිය

පියවර 1: ඉල්ලූම්කරු ග්‍රාම නිලධාරීගෙන් ඉල්ලූම් පතක් ලබා ගැනීම

  • සෑම අංශයකින්ම ඉල්ලූම් පත සම්පූර්ණ විය යුතුයි.

අවශ්‍ය කරන ආධාරක ලියකියවිලි

  • දැව ලබගත් ඔප්පුවේ/ප්‍රදාන ඔප්පුවේ/බලපත්‍රයේ අනුමත කරන ලද කොපියක්
  • දැව ලබාගනු ලබන ඉඩම රජයේ නොබෙදු ඉඩමකට/රක්‍ෂිතයකට මායිමීවේ නම් ඉඩමේ මිනින්දෝරු රේබා සැලැස්මෙහි මුල් පිටපත
  • දැව ලබා ගත්තේ වෙන්දේසියකින් නමී ඵම කුවිතාන්සිය
  • දැව මිලයට ගනු ලැබුයේ නම් ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද කුවිතාන්සිය
  • පරිත්‍යාගයක් වශයෙන් ලැබුනු දැව නම් ඒ පිළිබඳව ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද ලිපිය.
  • දැව කැපීම සඳහා ලබාගත් බලපත්‍රය

පියවර 2: ඉල්ලූම්කරු අවශ්‍ය කරන ලිපි ද්‍රව්‍ය සහ ගාස්තු සමඟ සම්පූර්ණ කරන ලද ඉල්ලූම් පත ග්‍රාම නිලධාරී වෙත භාර දීම.

පියවර 3: ග්‍රාම නිලධාරී වාර්තාවක් සපයා එය ඉල්ලූම් පතට ඇමිණීම.

පියවර 4: ග්‍රාම නිලධාරී අවශ්‍ය කරන ලියකියවිලි සහිත ඉල්ලූම් පත අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට භාර දීම.

පියවර 5: ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ඉල්ලූම් පත හා අනෙක් ලියකියවිලි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යැවීම.

පියවර 6: වන සංරක්ෂණ නිලධාරි විසින් මේ ගැන සොයා බැලීම සඳහා එහි ගොස් වාර්තාවක් සපයා අනුමත හෝ විරුද්ධත්වය ප්‍රකාශ කොට එම වාර්තාව අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත යැවීම.

පියවර 7:ග්‍රාම නිලධාරී අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අදාළ බලපත්‍රය මුදල් ගෙවා ලබා ගැනීම.


බලපත්‍ර කාලසීමාව දීර්ඝ කිරීම

වෙනත් ප්‍රදේශය ලේකම් කාර්යාලයකින් නිකුත් කල බලපත්‍රයක් සම්බන්ධයෙන් බලපත්‍රයේ සඳහන් කරුණු ලැබූ කාලය වාහනයේ දෝෂයක් නිසා අතරමගදී වැඩිපුර කාලයක් ගත වන්නේ නම් අදාළ ප්‍රදේශයේ පොලීසියට දැනුම් දී අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට තමා සතු බලපත්‍රය පොලිස් වාර්තාව ඉදිරිපත් කොට අවසර ලබා ගත යුතු වේ.

සත්වයන් ප්‍රවාහනය සඳහා බලපත්‍ර

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් ඇතුළත හෝ එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක සිට තවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් වෙත සතෙකු/සතුන් ගෙනයාම සඳහා අවසර පත්‍රයක් ලබා ගැනීම සඳහා ඊට අදාල අයදුම් පත්‍රය (උපලේඛණය 2) ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබාගත හැකිය. මෙම අයදුම්පත සමඟ පහත සඳහන් ලියකියවිලි ඉදිරිපත් කල යුතුය. ප්‍රවාහනය කරන සතුන් සඳහා වන අදාල රජයේ පශු වෛද්‍ය කාර්යාලයෙන් නිකුත් කරන,

  • සෞඛ්‍ය සහතිකය (උපලේඛණය 3)
  • ගව වවුචරය (උපලේඛණය 6)
  • ප්‍රවාහන බලපත්‍රය ඉදිරිපත් කලයුතුය.(උපලේඛණය 4)

වෙළඳ නාම ලියාපදිංචිය සඳහා බලපත්‍ර

ව්‍යාපාර නාම ලියාපදිංචිය

  1. අයදුම්පත්‍රය නිසි ලෙස සම්පූර්ණ කර ඉදිරිපත් කළ යුතුය.
  2. හවුල් ව්‍යාපාරයක් නම් සියලුම හවුල්කරුවන් විසින් ඉල්ලුම්පත්‍රයේ අත්සන් තැබිය යුතු අතර හවුල් ගිවිසුමක්ද ඉදිරිපත් කළ යුතුය.
  3. ව්‍යාපාරයේ ස්වභාවය ලෙස ඔබ ව්‍යාපාරික කටයුතු ලෙස කරන සියලු කටයුතු පැහැදිලිව නිසියාකාරව සටහන් කරන්න.
  4. ග්‍රාම නිලධාරි විසින් සම්පූර්ණ කරන ලද නිර්දේශිත වාර්තාව.
  5. මුල් පිටපත සමග සැසදෙන බවට ග්‍රාම නිලධාරි සහතික කළ ව්‍යාපාරිකයාගේ/ව්‍යාපාරිකයන්ගේ හැඳුනුම්පත්වල ඡායා පිටපත්.
  6. ඊට අමතරව වෙනත් කොට්ඨාශයක පදිංචි නම් ප්‍රාදේශීය ලේකම් අනු අත්සන් කළ වසමේ ග්‍රාම නිලධාරින්ගෙන් ලබාගත් පදිංචි සහතිකය.
  7. ව්‍යාපාරික ස්ථානය පිළිබඳව ව්‍යාපාරිකයාට ඇති අයිතිය බදු ඔප්පුවේ සනාථ කරන ලියවිලි,
      • පෞද්ගලික අයිතියක් නම්, ග්‍රාම නිලධාරි විසින් සහතික කළ ඉඩමේ මුල් ඔප්පුවේ ඡායා පිටපතක් හෝ බදු අයිතියක් නම්, ග්‍රාම නිලධාරි විසින් සහතික කළ බදු ඔප්පුවේ ඡායා පිටපතක් හා ඔබට එහි ව්‍යාපාරය පවත්වාගෙන යාමට එකඟත්වය පළ කරන බවට ග්‍රාම නිලධාරි සහතික කරන ලද ඉඩම හිමියාගේ අවසරය සහිත ලිපියක්.
      • කුලී පදනම මත ලබා ගත්තේ නම්, ග්‍රාම නිලධාරි විසින් සහතික කළ කුලී ගිවිසුමේ ඡායා පිටපතක් හා ඔබට එහි ව්‍යාපාරය පවත්වාගෙන යාමට එකඟත්වය පළ කරන බවට ග්‍රාම නිලධාරි සහතික කරන ලද ඉඩම හිමියාගේ අවසරය සහිත ලිපියක්.
      • තමාගේ ළග ඥාතියෙකුට හිමි ස්ථානයක් නම්, ඔබට එහි ව්‍යාපාරය පවත්වාගෙන යාමට එකඟත්වය පළ කරන බවට ග්‍රාම නිලධාරි සහතික කරන ලද ඉඩම හිමි ඥාතියාගෙන් ප්‍රකාශයක් සහ ග්‍රාම නිලධාරි විසින් සහතික කළ ඉඩමේ මුල් ඔප්පුවේ ඡායාපිටපතක්.

ව්‍යාපාරයේ ස්වභාවය අනුව පහත සඳහන් තහවුරු ගත සහතික කිරීම් ඉදිරිපත් කළ යුතුය.

    • ආහාරපාන නිෂ්පාදනය කරන හෝ අලෙවි කරන ව්‍යාපාරයක් නම් මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ නිර්දේශිත ලිපිය.
    • යම් ආයතනයක වෙළඳ නියෝජිතයකු ලෙස කටයුතු කරන්නේ නම් එම ආයතනයේ නියෝජිතයෙකු ලෙස පත්කර ඇති බවට ලිපියක්.
    • වාහන කුලියට දෙනු ලබන ආයතනයක් නම් ඒ සඳහා යොදවනු ලබන වාහන තමා නමින් ඇති බවට ලියවිලි / කුලියට ලබා ගත්තේ නම් ඒ බවට ලියවිලි ( අඩු තරමින් වාහන 02ක් විය යුතුය.)
    • ගුවන් විදුලි යන්ත්‍ර ආනයනය කිරීම, නිෂ්පාදනය කිරීම, විකිණීම හෝ කොටස් එකලස් කිරීමේ ව්‍යාපාරයක් නම් ඒ සදහා ගුවන් විදුලි සංස්ථාවෙන් ලබාගත් අනුමැතිය.
    • මුද්‍රණාලයක් නම් ඒ සඳහා ලබාගත් ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අනුමැතිය.
    • දැව වෙළඳාම, ගබඩා කිරීම, යාන්ත්‍රික වඩුමඩු ආදි ව්‍යාපාර සඳහා වන සංරක්ෂක දෙපාර්තමේන්තුවෙන් ලබාගත් අනුමැතිය.
    • බටහිර ඖෂධ වෙළඳසැලක් නම් ඖෂධවේදි සහතිකය හා පළාත් සෞඛ්‍ය වෛද්‍ය අධිකාරිගේ අනුමැතිය.
    • බාහිර රෝගි පරීක්ෂණ කටයුතු සායනයක් පවත්වාගෙන යන්නේ නම් පළාත් සෞඛ්‍ය වෛද්‍ය අධිකාරිගේ අනුමැතිය.
    • පලිබෝධනාශක, කෘමිනාශක හා රසායනික පොහොර අලෙවිසැලක් නම් ඒ සඳහා ලබාගත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්ගේ අනුමැතිය.
    • මැණික් වෙළඳාම, කැපීම හා අපනයනය කිරීමේ ව්‍යාපාර සඳහා ලබාගත් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අනුමැතිය.
    • පාසල් පොත් අලෙවි කරනු ලබන්නේ නම් ඒ සඳහා අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස්ගේ අනුමැතිය චිත්‍රපටි නිෂ්පාදන ව්‍යාපාරයක් නම් චිත්‍රපටි සංස්ථාවෙන් අනුමැතිය ගත් ලිපියක්.
    • අංක 48 දරණ ජාතික පාරිසරික පනතේ අංක 234 වගන්තිය යටතේ වූ නියමයන්ට යටත් වන එම උපලේඛනයේ දක්වා ඇති කටයුත්තක් නම් පාරිසරික ආරක්ෂක බලපත්‍රය ලබාගත යුතුය. (උදා: රසායන ද්‍රව්‍ය, සබන්, සායම්, ටයර්, වාහන සේවා ආයතන, මස් සඳහා සතුන් ඇති කරන ස්ථාන, ඉලෙක්ට්රෝ ප්ලේටින්, ගැල්වනයිස්, ඉන්ධන පිරවුම්හල්, ඉටිපන්දම් නිෂ්පාදන වැනි ව්‍යාපාර සඳහා).
    • විශේෂ හැකියාව අවශ්‍ය ව්‍යාපාර සඳහා එම හැකියාව තහවුරු කරන සහතික ඉදිරිපත් කළ යුතුය. (උදා: රූපලාවන්‍ය, රූපවාහිනි යන්ත්‍ර අළුත්වැඩියාව, ඉදිකිරීම් කටයුතු, සූප ශාස්ත්රය, පරිගණක හා අනෙකුත් උපකාරක පන්ති).
    • සිල්ලර වෙළඳ සැලක් සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිර්දේශ.
    • රූපලාවන්‍යාගාරයක් ලියාපදිංචි කිරීමට පළාත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වාර්තාව.
    • ආගන්තුකයින් සඳහා නේවාසික පහසුකම සැපයීමේ ව්‍යාපාර සඳහා පොලිස් වාර්තාව.
    • හවුල් ව්‍යාපාරයක් සඳහා අදාල ගිවිසුම.

ව්‍යාපාර නාම ලියාපදිංචිය සඳහා දැනට අය කරන ගාස්තු

  • ව්‍යාපර නාම ලියාපදිංචිය සඳහා දැනට අය කරනු ලබන සාමාන්‍ය ගාස්තුව රු. 500/- කි. (සහතිකය නිකුත් කිරීම සතියක් තුළදි)
  • ව්‍යාපර නාම ලියාපදිංචිය සඳහා එක්දින ගාස්තුව රු.1500/- කි.
  • ව්‍යාපාර නාමය, ව්‍යාපාරයේ ස්වභාවය, ව්‍යාපාරික ස්ථානය, අයිතිය සංශෝධනය සඳහා සාමාන්‍ය ගාස්තුව රු.250/- කි. (සහතිකය නිකුත් කිරීම සති 02ක් තුළදි)එක් දිනකදි නම් රු.1250/- කි.
  • ව්‍යාපාරය නතර කිරීමේ සහතිකය එක් දිනකදි ලබා ගැනීමට ගාස්තුව රු.300/- කි. මෙය ලබා ගැනීමට ව්යාපාරය නතර කළ බවට ග්රාම නිලධාරි සහතිකය සමග මුල් ව්‍යාපාර නාම සහතිකය ඉදිරිපත් කළ යුතුය.
  • ව්‍යාපාර ලියාපදිංචි සහතිකය අස්ථානගත වීමකදි ඒ බවට ග්‍රාම නිලධාරි සහතික කළ ලිපිය සමග දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කර ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකයේ සත්‍ය පිටපතක් ලබාගත හැකිය.ඒ සඳහා ගාස්තුව රු.25/-කි. (සහතිකය නිකුත් කිරීම සති 02ක් තුළදි)එක් දින නම් රු.150/- කි.

දඩ අය කිරීම.

  • ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමට අයදුම් කරන දිනය, ව්‍යාපාරය ආරම්භ කර ඇති දින සිට මසක කාලයක් ඉක්මවා ඇත්නම් , ඉක්මවා ඇති සෑම දිනකටම රු.10/- දඩ මුදලක් රු.2500/- උපරිමයක් (ආසන්නම වර්ෂයට) හා ඊට වැඩිවන සෑම වර්ෂයක් සඳහාම ඉහත දඩ මුදලට අමතරව වර්ෂයකට රු.500/- බැගින් අය කෙරේ.
  • ව්‍යාපාර නාම සංශෝධනය සඳහා ඉදිරිපත් කරන දිනය, ව්‍යායාපාරය සංශෝධනය කර මසක කාලයක් ඉක්මවා ඇත්නම් ඉක්මවා ඇති සෑම දිනකටම රු.10/- දඩ මුදලක් අය කෙරේ.

ඉල්ලුම් පත්‍ර බාගත කිරීම

ව්‍යාපාරය වසා දැමීම සඳහා බලපත්‍ර

පහත සඳහන් ලියකියවිලි ප්‍රාදේශීය ලේකම් කාර්යලයට ඉදිරිපත් කළ යුතුය.

1.ව්‍යාපාර නාම ලියාපදිංවි සහතිකය

2.ව්‍යාපාර නාම ලියාපදිංවි සහතිකය කොමැතිනම් දිව්රුම් පෙත්සමක් ලබාදිය යුතුය.

3.වසා දමන ලද දිනය ඇතුළත්ව ව්‍යාපාරය වසා ඇති බවට ග්‍රාම නිලධාරී වාර්තාවක්

මත්පැන් අලවිය සඳහා බලපත්‍ර (නව/අලුත් කිරීම)

මත් පැන් අලෙවිය සදහා බලපත්‍ර (නව බලපත්‍ර නිකුත් කිරීම/අළුත් කිරීම)

නව බලපත්‍ර නිකුත් කිරීම

  • සුරා බදු කොමසාරිස් ජෙනරාල්ගේ අනුමත ලිපිය ලබා ගැනීම.
  • ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය සදහා යොමු කිරීම.
  • ගාස්තු අය කිරීම.
  • බල පත්‍රය ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය ලබා ගැනීම.
  • බල පත්‍ර නිකුත් කිරීම.
  • සුරා බදු කොමසාරිස් ජෙනරාල් වෙත දැනුම් දීම.

බලපත්‍ර අළුත්කිරීම

  • අවශ්‍ය ලියවිලි  ලබා ගැනීම.
  • සුරා බදු කොමසාරිස් ජෙනරාල්ගේ අනුමත ලිපිය
  • සහකාර සුරා බදු කොමසාරිස් නිශ්කාෂන සහතිකය
  • දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්ගේ නිශ්කාෂන සහතිකය/ ව්‍යාපාර පිහිටි පළාතේ ආදායම් කොමසාරිස්ගේ නිශ්කාෂන සහතිකය
  • ලේඛන පරික්ෂා කිරීම.
  • ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය ලබා දීම.
  • අනුමැතිය ලැබුණු පසු ගාස්තු අය  කිරීම.
  • අළුත් කිරීමේ සටහන් යෙදු බලපත්‍ර ප්‍රාදේශීය ලේකම්ගේ අත්සනට ඉදිරිපත් කිරීම.
  • අළුත් කරන ලද බලපත්‍රය නිකුත් වේ.

උකස් මධ්‍යස්ථාන සඳහා බලපත්‍ර (නව/අලුත් කිරීම)

නව බලපත්‍රයක් නිකුත් කිරීම

  • අදාල ලියවිලි සමග ඉල්ලුම් පත්‍රය ලබාදීම.
  • ග්‍රාම නිලධාරි වාර්තාව හා පොලිස් වාර්තාව ලබා ගැනීම.
  • සහකාර ප්‍රාදේශීය ලේකම් මගින් ස්ථානය පරික්ෂා කිරීම.
  • ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය ලබා ගැනීම.
  • ගාස්තු අය කිරීම.
  • ඇප තැන්පත් ලබා ගැනීම.

උකස් මධ්‍යස්ථාන සඳහා බලපත්‍ර අළුත් කිරීම

  • වාර්ෂික බලපත්‍ර ගාස්තු හා මුද්දර ගාස්තු ලබාගෙන බලපත්‍රය සකස් කිරීම.

පතල් කැණීම සඳහා බලපත්‍ර (නව/අලුත් කිරීම)

පතල් කැණීම...

වාහන ආදායම් බලපත්‍ර

වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී ඉදිරිපත් කළ යුතු ලියවිලි

  1. වාහනයේ ලියාපදිංචි සහතිකයේ මුල් පිටපත/ ලීසිං සමාගමකින් සහතික කරන ලද පිටපත.
  2. වලංගු රක්ෂණ සහතිකය (වාහනයට අදාල)
  3. නිකුතු කළ දින සිට දින 60 නොඉක්මවූ වායු විමෝචන සහතිකය (දුම් සහතිකය)
  4. බස්නාහිර පළාත තුළ ලියාපදිංචි ගරාජයකින් හෝ දිවයිනේ ඕනෑම ප්‍රදේශයක ශ්‍රී ලංගම ඩිපෝවකින් හෝ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිකුත් කළ සහතික කරන ලද වලංගු යෝග්‍යතා සහතිකය. (අදාල පරිදි)
  5. මගී ප්‍රවාහන මාර්ග බලපත්‍ර හිමි වාහන සදහා අදාල ආයතන මගින් නිකුත් කරන ලද අවම වශයෙන් දින 14 ක් වලංගු මාර්ග බලපත්‍රය (Route Permit)
  6. පිට පළාතක සිට බස්නාහිර පළාතට මාරු වී ඇති වාහනයක් නම් එම පළාතෙන් අවසන් වරට ලබාගත් ආදායම් බලපත්‍රය හෝ එම පළාතෙන් නිකුත් කර ඇති නොබැඳි පිටපත. (Loose Leaf)
  7. වෙන්දේසියකින් මිලදීගත් රජයේ වාහනයක් නම් වාහනය මිලදී ගත් ලියවිලි මුදල් ගෙවූ රිසිටිපත් හා පවරනු ලැබූ ලියවිලි.
  8. Brand New ලෙස ලියාපදිංචි තත්ත්වයේ පවතින වාහන සඳහා පළමු වරට බලපත්‍ර ලබා ගැනීමේදී (යෝග්‍යතා සහතිකය / දුම් සහතිකය අවශ්‍ය නොවේ.)
  9. හයිබ්‍රිඩ් (Hybrid) / විදුලි (Electric) / LP ගෑස් / 1975 ට පෙර ලියාපදිංචි කළ වාහන සදහා වායු විමෝචන සහතිකය (දුම් සහතිකය) අවශ්‍ය නොවේ.

මාර්ගස්ථ මගී ප්‍රවාහන බස්රථ සඳහා (ඔමිනි බස්රථ /මෝටර් කෝච්)

I.පළාත් සභාවේ අනුමත ස්ථාන වලින් අදාල වර්ෂය සඳහා මාස 2 ක් ඇතුලත ලබාගත් යෝග්‍යතා සහතිකය (රිසිට්පත සමග)

II.අදාල වර්ෂය සඳහා මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් නිකුත් කල මගී ප්‍රවාහන අවසර පත්‍රය (ජායා පිටපතක් සමග)

නිදහස් වාහන සඳහා

ඉහත අවශ්‍යතා සියල්ල සපුරා ඇති විටදී ආදායම් බලපත්‍රය නිකුත් කරනු ලැබේ.

අදාල වර්ෂයේ ආදායම් බලපත්‍රය අස්ථාන ගතවූ විටකදී

  1. මාස 6 ක් කල් ඉකුත් නොවු පොලිස් වාර්ථාවක්
  2. ලියාපදිංචි සහතිකයේ මුල් පිටපත
  3. කල් ඉකුත් නොවූ රක්ෂණ සහතිකය
  4. පොලිස් වාර්තාව ලබාගත් දිනයේ සිට ඉතිරි මාස සඳහා අදාල බලපත්‍ර ගාස්තුව
  5. වායු විමෝචන සහතිකය

------------------------------------***-----------------------------------------------

මෝටර් වාහන බලපත්‍ර ගාස්තු සංශෝධනය

මෝටර් රථ ප්‍රවාහන පළාත් කොමසාරිස් කාර්යාලය-බස්නාහිර පළාත

2013.05.02 දින සිට ක්‍රියාත්මක වන සංශෝධිත නව ගාස්තු

ද්විත්ව කාර්ය වාහන පෙට්‍රල් (රු.) ඩීසල් (රු.)
දළ බර (කි.ග්‍රැ) 2013.05.02 2013.05.02
0001-1000 2,000.00 3,500.00
1001-1500 2,200.00 4,000.00
1501-2000 2,700.00 4,200.00
2001-2500 3,100.00 5,500.00
2510-3000 4,200.00 9,000.00
3001-3500 5,000.00 10,000.00
3501-4000 6,000.00 12,000.00
4001 ට වැඩි 7,000.00 15,000.00

කාර්/ගිලන් රථ/ අවමංගල රථ පෙට්‍රල් (රු.) ඩීසල් (රු.)
තාර බර(කි.ග්‍රෑ) 2013.05.02 2013.05.02
0001-0762 2,000.00 3,100.00
0763-1016 2,200.00 4,000.00
1017-1270 3,000.00 6,000.00
1271 ට වැඩි 4,000.00 8,000.00

ඉඩම් වාහන
තාර බර(කි.ග්‍රෑ) 2011.11.14
00001-01778 450.00
01779-02032 900.00
02033-02540 1,100.00
02541-03048 1,300.00
03049-03566 1,550.00
03567-05080 1,650.00
05081-15240 2,400.00
15241-25400 2,750.00
25401 ට වැඩි 3,300.00

මෝටර් ලොරි පෙට්‍රල් (රු.) ඩීසල් (රු.)
දළ බර (කි.ග්‍රැ) 2013.05.02 2013.05.02
00001-02000 1,500.00 3,000.00
02001-05000 2,000.00 4,000.00
05001-10000 2,500.00 6,000.00
10001-15000 3,000.00 7,000.00
15001-20000 4,500.00 10,000.00
20001-25000 4,600.00 12,000.00
25001-30000 6,000.00 14,000.00
30001 ට වැඩි 7,000.00 15,000.00

පුවත් සහ සිදුවීම්

27
දෙසැ2023
ආබාධ සහිත තැනැත්තන්ගේ ජාත්‍යන්තර දින ප්‍රාදේශීය සැමරුම්  උත්සවය

ආබාධ සහිත තැනැත්තන්ගේ ජාත්‍යන්තර දින ප්‍රාදේශීය සැමරුම් උත්සවය

ආබාධ සහිත තැනැත්තන්ගේ ජාත්‍යන්තර දින ප්‍රාදේශීය සැමරුම් ...

25
ඔක්2023
සාහිත්‍ය කලා මහෝත්සවය 2023

සාහිත්‍ය කලා මහෝත්සවය 2023

සාහිත්‍ය කලා මහෝත්සවය 2023

25
ජන2023
සංහිඳියා සංචාරය - යාපනය දොම්පෙ තෛපොංගල් සැමරුම.

සංහිඳියා සංචාරය - යාපනය දොම්පෙ තෛපොංගල් සැමරුම.

යාපනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කල යාපනය...

25
ජන2023
සංහිඳියා සංචාරය - යාපනය

සංහිඳියා සංචාරය - යාපනය

යාපනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා දොම්පෙ ප්‍රාදේශීය...

03
ජන2023
සියනෑ නිලදරු ප්‍රතිභා 2022

සියනෑ නිලදරු ප්‍රතිභා 2022

දොම්පෙ ප්‍රාදේශීය ලේකම්තුමාගේ සංකල්පයක් මත කාර්යාලයේ නිලධාරීන්ගේ...

27
දෙසැ2022
සිපිරි ගෙදරට නත්තල් ...

සිපිරි ගෙදරට නත්තල් ...

දොම්පෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා සමෘද්ධි ප්‍රජා...

20
දෙසැ2022
සිපිරි ගෙයින් ඔබ්බට...

සිපිරි ගෙයින් ඔබ්බට...

ගීතය තුළින් ඔබ දකිමු දෙවන වැඩසටහන 2022.11.25...

28
නොවැ2022
සිපිරි ගෙයින් ඔබ්බට...

සිපිරි ගෙයින් ඔබ්බට...

මීතිරිගල කන්දවත්ත බන්ධනාගාර මත්ද්‍රව්‍ය ප්‍රතිකාර හා පුනරුත්ථාපන...

21
ඔක්2022
දොම්පෙ වැඩිහිටි බල මණ්ඩල ආගමික වැඩසටහන

දොම්පෙ වැඩිහිටි බල මණ්ඩල ආගමික වැඩසටහන

දොම්පෙ වැඩිහිටි බල මණ්ඩල ආගමික වැඩසටහන -...

17
ඔක්2022
Build a house for Elder Person

Build a house for Elder Person

The initial opportunity to build a house...

« »
Scroll To Top