සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහන
2021 අයවැය යෝජනාවන්ට අනුව දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තෝරාගත් ගම්මානවල ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල් කේන්ද්‍රකර ගනිමින් සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන 4 ක් පිහිටුවා සාර්ථකව නිෂ්පාදන හා සේවා කටයුතු සිදුකරමින් පවතී.
1.විසිතුරු මල් පැල හා ගෙවතුවගා නිෂ්පාදන ගම්මානය 395 /B කුරුදුහේන ගම්මානයේ ස්ථාපිත කරන ලදී.

2.408 /A වානළුවාව දකුණ සමෘද්ධි බිම්මල් ගම්මානය පිහිටුවීම.


3.377/A/B/C කුට්ටිවිල,තල්ගස්වත්ත,කැන්දගොල්ල ගම්වල බටපැළලි නිෂ්පාදන හා බට ආශ්රිත විසිතුරු භාණ්ඩ නිෂ්පාදන ගම්මානය පිහිටුවීම.

4.වාහන අලුත්වැඩියා හා සේවා කිරීමේ පොකුරු ගම්මානය බෝගහවත්ත හා දියවාල හා බණ්ඩාරනායකපුර නැගෙනහිර හා බටහිර ගම්මානය වල පිහිටුවීම.

විමධ්‍යගත ප්‍රාග්ධන අයවැය වැඩසටහන්
1.404 ඉන්දොළමුල්ල ග්‍රාම නිලධාරී වසමේ පිහිටි බණ්ඩාරනායක අනුස්මරණ වැඩිහිටි නිවාසයේ වැසිකිලියක් ඉදිකිරීම.
2.ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානය සඳහා තෙවන මහලේ දේශනාගාරයට සහ ධාතු මන්දිරය පිවිසීම සඳහා ආනතිය සහිත පාලමක් තැනීම සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම
3.පල්ලේගම ශ්‍රී පූර්වාරාම විහාරස්ථානයේ චෛත්‍යයේ ඉදිකිරිම් කටයුතු සඳහා
4.බප/ගම්/දෙකටන ප්‍රාථමික විද්‍යාලයේ පාසල් ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරීම 3 වන අදියර
5.දෙකටන ප්‍රාථමික විද්‍යාලයේ ක්‍රීඩා පිටිය වටා ඇති කාණු පද්ධතියේ කොටසක් සඳහා දැල් ආවරණ යෙදීම

















