නිවසක සිදු වූ උපතක් ලියාපදිංචි කිරීම
අවශ්‍ය පෝරම බාගත කිරීම>>> ප්‍රකාශය
| නිවසක සිදු වූ උපතක් ලියාපදිංචි කිරීම | 1. උපත සිදුවී දින 07ක් ඇතුලත ග්‍රාම නිලධාරී වෙත දැනුම් දෙන්න. |
| 2. ග්‍රාම නිලධාරී විසින් උපත පිළිබඳව වාර්තාවක් ප්‍රදේශයේ රෙජිස්ට්‍රාර් වෙත යවනු ලැබේ. | |
| 3. උපත ලියාපදිංචි කරනු ලබන්නේ උපත සිදුවූ ප්‍රදේශයේ උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර් වරයා විසිනි. | |
| 4. නිවැරදිව සම්පූර්ණ කරන ලද ප්‍රකාශය ප්‍රදේශයේ උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයා වෙත ලබා දෙන්න. | |
| 5. ප්‍රකාශය රෙජිස්ට්රාර්වරයාගෙන් ලබා ගත හැක. | |
| 6. දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන් | |
|
|
|
|
|
|
|
|
| 7. උපත සිදු වී මාස 03ක් ඇතුලතදී උපත කොට්ඨාශයේ රෙජිස්ටාර්වරයා ලවා ලියාපදිංචි කරවා ගත හැක. | |
| 8. උපත සිදු වී මාස 03කින් පසුවද උපත ලියාපදිංචි කරවා ගැනීමට හැකියාව ඇති අතර ඒ සඳහා කල් ගත වූ උපත් ලියාපදිංචි කිරීමේ විස්තර බලන්න. | |
| 9. ගාස්තු |
පෞද්ගලික රෝහලක සිදු වූ උපතක් ලියාපදිංචි කිරීම
| පෞද්ගලික රෝහලක සිදු වූ උපතක් ලියාපදිංචි කිරීම | 1. උපතක් ලියාපදිංචි කරන්නේ උපත සිදු වූ ප්‍රදේශයේ සිටින උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයා විසිනි. |
| 2. උපත සිදු වූයේ පෞද්ගලික රෝහලක නම්, එම ප්‍රදේශයේ සිටින රෙජිස්ට්රාර්වරයාට උපත ලියාපදිංචි කිරීමට දැනුම් දෙන්න. | |
| 3. උපත ලියාපදිංචි කිරීම සඳහා දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්, | |
|
|
|
|
|
|
|
|
|
|
| 4. උපත දැනුම් දීම සඳහා අවශ්‍ය ප්‍රකාශය, උප්පැන්න හා මරණ රෙජිස්ට්රාර්වරයාගෙන් ලබාගන්න. | |
| 5.ඉදිරිපත් කළයුතු ලියවිලි | |
| I. නිවැරදිව සම්පූර්ණ කරන ලද ප්‍රකාශය | |
| II. උපත සිදු වූ බව තහවුරු කිරීමට රෝහලෙන් නිකුත් කළ වාර්තාව |
ග්‍රාමීය රෝහලක සිදු වූ උපතක් ලියාපදිංචි කිරීම
| ග්‍රාමීය රෝහලක සිදු වූ උපතක් ලියාපදිංචි කිරීම | 1. උපතක් ලියාපදිංචි කරන්නේ උපත සිදු වූ ප්‍රදේශයේ සිටින උප්පැන්නහා මරණ රෙජිස්ට්‍රාර්වරයා විසිනි. |
| 2. උපත සිදු වූයේ ග්‍රාමීය රෝහලක නම්, එම ප්‍රදේශයේ සිටින රෙජිස්ට්රාර්වරයාට උපත ලියාපදිංචි කිරීමට දැනුම් දෙන්න. | |
| 3. උපත ලියාපදිංචි කිරීම සඳහා දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන් | |
| I. පියා | |
| II. මව | |
| III. දරුවා උපන් වේලාවේ එහි සිටි පුද්ගලයන් | |
| IV. දරුවා භාරව සිටින පුද්ගලයන් | |
| V. රෝහලේ වෛද්‍ය නිලධාරී | |
| 4. උපත දැනුම් දීම සඳහා අවශ්‍ය ප්‍රකාශය, උප්පැන්න හා මරණ රෙජිස්ට්රාර්වරයාගෙන් ලබාගන්න.(16 වැනි වගන්ති ප්‍රකාශ පත්‍රය) | |
| ඉදිරිපත් කළයුතු ලියවිලි | |
| I. නිවැරදිව සම්පූර්ණ කරන ලද ප්‍රකාශය | |
| II. උපත සිදු වූ බව තහවුරු කිරීමට රෝහලෙන් නිකුත් කළ වාර්තා. | |
| 5. දැනුම් දෙන්නා වෙත නොමිලයේ උප්පැන්න සහතිකයක් නිකුත් කරනු ලැබේ. |
මහ රෝහලක සිදු වූ උපතක් ලියාපදිංචි කිරීම
| මහ රෝහලක සිදු වූ උපතක් ලියාපදිංචි කිරීම | 1. උපත ලියාපදිංචි කර ගැනීම සඳහා උපත සිදු වූ මහ රෝහලේ සිටින උප්පැන්න හා මරණ රෙජිස්ට්රාර්වරයාට දැනම් දෙන්න. |
| 2. උපත ලියාපදිංචි කිරීම සඳහා දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්, | |
| I. පියා | |
| II. මව | |
| III. දරුවා උපන් වේලාවේ එහි සිටි පුද්ගලයන් | |
| IV. දරුවා භාරව සිටින පුද්ගලයන් | |
| V. රෝහලේ වෛද්‍ය නිලධාරී | |
| 3. උපත දැනුම් දීම සඳහා අවශ්‍ය ප්‍රකාශය, වෛද්‍ය රෙජිස්ට්රාර්වරයාගෙන් ලබාගන්න. | |
| ඉදිරිපත් කළයුතු ලියවිලි, | |
| I. නිවැරදිව සම්පූර්ණ කරන ලද ප්‍රකාශය | |
| II. උපත සිදු වූ බව තහවුරු කිරීමට රෝහලෙන් නිකුත් කළ වාර්තාව |
උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
අවශ්‍ය පෝරම බාගත කිරීම-ඉල්ලුම් පත්‍රය
| උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම | 1. උප්පැන්න සහතිකයේ පිටපත් ලබාගත යුත්තේ උපත සිදුවූ ප්‍රදේශය අයත් වන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙනි. |
| 2. අවශ්‍ය ඉල්ලුම් පත්‍රය ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක දිස්ති‍්‍රක් රෙජිස්ට්‍රාර් අංශයෙන් ලබාගත හැක. | |
| 3. අයකරනු ලබන ගාස්තු, | |
| I.උප්පැන්න සහතිකයේ අංකය සහ ලියාපදිංචි කළ දිනය දන්නා විට එක පිටපතකට ගාස්තුව රු.100.00 | |
| II. උප්පැන්න සහතිකයේ අංකය සහ ලියාපදිංචි කළ දිනය නොදන්නේ නම්, වර්ෂ දෙකකට නොවැඩි කාලයක ලේඛන සෙවීමක් අවශ්යං වන අවස්ථාවක එක පිටපතකට ගාස්තුව රු.200.00 | |
| 3. අවශ්‍ය මුදල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් අංශයට ගෙවන්න. | |
| 4. සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය අදාල ප්‍රාදේශී ලේකම් කාර්යාලය වෙත භාර දෙන්න. | |
| 5. උප්පැන්න සහතිකය තැපෑලෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය වේ නම් ලිපිනය ලියන ලද මුද්දර ඇලවූ ලියුම් කවරයක් ඉල්ලුම් පත්‍රය සමග ඉදිරිපත් කරන්න. | |
| 6. උපත ලියාපදිංචි වී තිබේ නම්, උප්පැන්න සහතිකයක් යවනු ලබන අතර උපත ලියාපදිංචි වී නොමැති නම් ඒ පිළිබඳව දන්වා ලිපියක් යවනු ලැබේ. | |
| 7. එක් ඉල්ලුම්පත්රයකින් පිටපත් ඕනෑම සංඛ්‍යාවක් ලබාගත හැකිය(චක්‍රලේක අංක-02/2012) |
උප්පැන්න ලේඛනයක ඇතුළත් විස්තර සංශෝධනය කිරිම
| උප්පැන්න ලේඛනයක ඇතුළත් විස්තර සංශෝධනය කිරිම | 01.උප්පැන්න ලියාපදිංචි කිරීමේ සටහනක, |
| I. 01 තීරයෙහි විස්තර (උපන් දිනය සහ උපන් ස්ථානය) | |
| II. 03 තීරයෙහි විස්තර (ස්ත්‍රී/පුරුෂ භාවය) | |
| III. 05 තීරයෙහි විස්තර (මවගේ තොරතුරු සියල්ල) (උපත ලියාපදිංචි කිරීමෙන් පසු මවගේ නම වෙනස් කර ඇති විට, නම සංශෝධනය මෙම ප්‍රතිපාදන යටතේ කළ නොහැක.) | |
| IV. 09 තීරයෙහි විස්තර (දැනුම් දෙන්නාගේ තොරතුරු) නිවැරදි කිරීම කළ හැකිය. | |
| 02. ප්‍රකාශ පත්‍රය උපත සිදුවූ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ට ඉදිරිපත් කරන්න. | |
| 03. ප්‍රකාශ පත්‍රය ඉදිරිපත් කළ යුත්තේ, | |
| I. උප්පැන්නය හිමි තැනැත්තා | |
| II. පියා හෝ මව | |
| III. නීත්‍යානූකුල භාරකරු | |
| IV. උප්පැන්න සටහනේ ඇති යම් විස්තරයක් ගැන අතෘප්තියට පත් තැනැත්තෙකු | |
| 04. ප්‍රකාශ පත්‍රයට සැපයිය යුතු ගාස්තුව රු. 50.00 කි. | |
| 05. ප්‍රකාශ පත්‍රයට, සංශෝධනය කිරීමට අපේක්ෂිත උප්පැන්න ලේඛණයේ සහතික පිටපතක් අනිවාර්යෙන්ම අමුණා තිබිය යුතුය. ඉල්ලීමෙහි නිර්ව්‍යාජ බව සනාථ කිරීම සඳහා ලිඛිත සාක්ෂි ඒ සමඟ ඉදිරිපත් කරන්න. | |
| 06. ප්‍රකාශ පත්‍රයෙන් කරන ලද ඉල්ලීමෙහි නිර්ව්‍යාජ බව සනාථ කිරීමලබා ගත හැකි ලිඛිත සාක්ෂි සමහරක් පහත දැක්වේ. | |
| I. මව්පියන්ගේ විවාහ සහතිකය | |
| II. දරු නාමාවලිය/ සහෝදර නාමාවලිය | |
| III. පියාගේ/ මවගේ උප්පැන්න සහතිකය | |
| IV. මව්පියන්ගේ විවාහ ලියාපදිංචි කිරීමෙන් පසුව උපන් දරුවකුගේ උප්පැන්නයක් | |
| V. විවාහ ලියාපදිංචි කිරීමෙන් පසුව උපන් දරුවකු නොමැති විට විෂය වූ දරුවාට වැඩිමහල් හෝ බාල දරුවකුගේ උප්පැන්නය | |
| VI. ආරෝග්‍යශාලා, මාතෘ නිවාස වල ඇති සටහන් වල සහතික පිටපත් හෝ වින්නඹු මාතාවගේ ලේඛනවල පිටපත් | |
| VII. ශිෂ්‍ය කාර්ය දර්ශනය, ළමයින් ඇතුළත් කිරීමේ ලේඛණයේ උපුටනය | |
| VIII. විෂය සහ මව්පියන්ගේ නම් ඇතුළත් ඡන්ද නාමාවලියේ පිටපතක් | |
| IX. පියා මියගොස් ඇති විටෙක ඔහුගේ මරණ සහතිකය |
කල්ගතවූ උපත් ලියාපදිංචි කිරීම
| කල්ගතවූ උපත් ලියාපදිංචි කිරීම | 01. උපතක් සිදුවී මාස තුනක් ඇතුලතදී ලියාපදිංචි කර නොමැති විටෙක එවැනි උපතක් ලියාපදිංචි කරවා ගැනීමට පුලුවන. |
| 02. අවශ්‍ය ප්‍රකාශ පත්‍රය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් අංශයෙන් ලබාගත හැක. | |
| 03. ප්‍රකාශ පත්‍රය ඉදිරිපත් කළ හැකි අය, | |
| I. උනන්දුවක් දක්වන ඕනෑම අයකු | |
| II. මව්පියන්ගෙන් කෙනෙකු | |
| 04. ප්‍රකාශ පත්‍රයට අදාල ගෙවීම් මුදලින් කළ යුතුය. | |
| I. ප්‍රකාශ පත්‍රය සඳහා ගාස්තුව රු. 50.00 කි. | |
| 05. උපත සිදුවී අවුරුද්දක් ඇතුලත ඉදිරිපත් කරන ප්‍රකාශ පත්‍ර සමඟ පහත සඳහන් ලියවිලි පමණක් ඉදිරිපත් කරන්න. | |
| 1. මව්පියන් විවාහක නම්, ඔවුන්ගේ විවාහ සහතිකය | |
| 2. විෂයගේ උපන් දිනය හා ස්ථානය සනාථ වන පහත සඳහන් ලියවිලි වලින් එකක්, | |
| I. රෝහල් උපත් වාර්තාව හෝ සහතික පිටපත | |
| II. ග්‍රාම නිළධාරී උපත් වාර්තාව හෝ සහතික පිටපත | |
| III. වතු උපත් වාර්තාව හෝ සහතික පිටපත | |
| IV. පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියගේ සහතිකයක් | |
| 06. උපත සිදුවී අවුරුද්දක කාලය ගත වීමෙන් පසුව ඉදිරිපත් කරන ප්‍රකාශ පත්‍රය සමඟ පහත සඳහන් ලියවිලි පමණක් ඉදිරිපත් කරන්න. | |
| I. මව්පියන් විවාහක නම්, ඔවුන්ගේ විවාහ සහතිකය, | |
| II. උපත ලියාපදිංචිවී නොමැති බවට සහතිකය (හිස් ප්‍රතිඵලය) | |
| III. පුද්ගලයාගේ උපන් දිනය හා ස්ථානය ඇතුළත් පහත සඳහන් ලියවිලි වලින් එකක්, | |
| i. රෝහල් වාර්තාව හෝ සහතික පිටපත | |
| ii. ග්‍රාම නිලධාරී වාර්තාව හෝ සහතික පිටපත | |
| iii. වතු උපත් වාර්තාව හෝ සහතික පිටපත | |
| iv. වින්නඹු මාතාවගේ උපත් ලේඛණයේ පිටපත | |
| IV. ඉහත සඳහන් ලියවිල්ලක් නැතිනම්, ඒ වෙනුවට පහත සඳහන් ලියවිලි වලින් එකක්, | |
| a. සෞඛ්‍ය වර්ධන සටහන | |
| b. බෞතීස්ම සහතිකය, | |
| c. පාසැලට ඇතුලත් කිරීමේ ලේඛණයේ සහතික පිටපත/ ශිෂ්‍ය කාර්ය දර්ශනය | |
| d. වතු සුභසාධක නිලධාරිගේ වාර්ථාව | |
| e. උපන් දිනට ආසන්නයේදී සකස් කරන ලද හඳහන හෝ වේලාපත්කඩය | |
| V. මෙම ලියවිලි කිසිවක් ලබාගත නොහැකි නම්, දන්නා විස්තර ඇතුලත් කරන ලද ප්‍රකාශ පත්‍රයක් සහ දිවුරුම් ප්‍රකාශය |
















