(අ) ශ්‍රී ලංකාවේ පදිංචි පුරවැසියෙකු විය යුතුය.

(ආ) වයස අවුරුදු 15 සම්පූර්ණ විය යුතුය.

අයදුම්පතක් ලබා ගැනීම

  1. අයදුම්කරු පදිංචි වසමේ ග්‍රාම නිලධා‍රී
  2. වතු පදිංචිකරුවන් අදාළ වතු අධිකාරී
  3. පාසල් අයදුම්කරුවන් අදාළ පාසලේ විදුහල්පතිවරයා හෝ පරිවේණාධිපති

ඒ අනුව තමා ලබාගත් අයදුම්පත සම්පූර්ණ කර අවශ්‍ය ලිපි ලේඛන සමග අයදුම්පත ලබාගත් ඉහත සඳහන් නිලධාරින් වෙතට භාරදිය යුතු වේ.

මුල්වරට හැඳුනුම්පතක් ලබාගැනීම සඳහා ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන.

  1. සම්පූර්ණ කරන ලද පු.ලි.දෙ.වි.1 ආකෘති පත්‍රය (සුදු පාට ‍හෝ සුදු පාටට හුරු)
  2. අයදුම්කරු වයස අවු. 50 ට අඩුනම් අනිවාර්යයෙන්ම උප්පැන්න සහතිකය හෝ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් නිකුත් කරන අනුමාන වයස් සහතිකය
  • අනුමාන වයස් සහතිකයක් ඉදිරිපත් කරන අයදුම්කරුවකු සඳහා උපන්දිනය වශයෙන් සලකනු ලබන්නේ අනුමාන වයස් සහතිකයෙහි සඳහන් වර්ෂයෙහි ජුලි මස පළමු දිනයයි.
  1. අයදුම්කරුගේ වයස අවු. 50 ට වැඩිනම් ද, උප්පැන්න සහතිකය ‍හෝ අනුමාන වයස් සහතිකය නොමැතිනම් පමණක් ලේඛන සෙවීමේ හිස් ප්‍රතිඵල සටහන හා උපන්දිනය තහවුරු කරන දිවුරුම් ප්‍රකාශයක් සමග පහත දැක්වෙන විකල්ප ලේඛන දෙකක්‍ හෝ වැඩි ප්‍රමාණයක්ඉදිරිපත් කළ යුතුය.
  • පාසල් හැරයාමේ සහතිකය.
  • බෞතිස්ම සහතිකය.
  • අයදුම්කරුගේ/අයදුම්කාරියගේ උපන්දිනය සඳහන්ව ඇති දරුවන්ගේ උප්පැන්න සහතික පිටපත්
  • උප්පැන්න සහතිකයේ උපු‍ටාගත් කොටස
  • ශ්‍රී ලංකාවේ පුරවැසි සහතිකය (උපන්දිනය ඇතුළත්ව තිබේනම්)
  • වතු හැරයාමේ සහතිකය (උපන් දිනය ඇතුළත්ව තිබේනම්)
  • ගමන් බලපත්‍රයේ  අදාළ පිටුවල සහතික කළ පිටපත්
  • වතු අධිකාරී විසින් නිකුත් කරන ලද ලියාපදිංචි කාඩ්පත
  • ජන්ම පත්‍රය (හඳහන)
  1. විදේශයක උපත ලද්දකු නම් ශ්‍රී ලංකාවේ පුරවැසි බව ලබා ගත් ආගමන විගමන දෙපාර්ත‍මේන්තුව මගින් නිකුත් කළ පුරවැසි සහතිකය සහ එහි ඡායා පිටපත.
  2. අයදුම්කරු විවාහක කාන්තාවක් වන විට ස්වාමිපුරුෂයාගේ නම ලබාගැනීමට අදහස් කරන්නේ නම් ඒ සඳහා විවාහ සහතිකයේ මුල් පිටපත හා එහි ඡායා පිටපත.
  3. 1 ⅜” X ⅞” ප්‍රමාණයේ වර්ණ ඡායාරූප 5 ක්
  1. තම රැකියාව හැඳුනුම්පතේ සඳහන් කිරීම අවශ්‍ය වන්නේ නම් ඊට අදාළ සේවා සහතිකය ද (මාස 03 ක් ඇතුළත ලබා ගත්), වෘත්තීයමය සුදුසුකම් ලත් අය එම සුදුසුකම් සනාථ කිරීමට අදාළ සහතිකය ද ඉදිරිපත් කළ යුතුය. උදා: වෛද්‍ය , ගණකාධිකාරි , නීතීඥ , ඉංජිනේරු  වැනි වෘත්තීය සුදුසුකම් සඳහා උපාධි සහතිකය ඉදිරිපත් කළ යුතුය.
  • ව්‍යාපාරිකයන් ඒ සඳහා ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ සහතිකයේ සහතික කළ පිටපතක් ඉදිරිපත් කළ යුතුය.
  1. පූජ්‍යත්වය සනාථ කිරීම සඳහා -
  • බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් නම් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවෙන් ලබාගත් සාමණේර සහතිකය හෝ උපසම්පදා සහතිකය
  • දසසිල් මාතාවක් නම් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිවීමේ සහතිකය
  • ඉස්ලාම් පූජකවරුන් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් ලබාගත් සහතිකය
  • හින්දු පූජකවරුන් හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් ලබාගත් සහතිකය

කතෝලික පූජකවරුන් අදාළ පැවිදි නිකායේ ප්‍රධානීන් වෙතින් ලබාගත් සහතිකය

1.උපත ලියාපදිංචි කළ නොහැකි වයස අවුරුදු 14 ට අඩු ළමුන් සඳහා අනුමාන වයස් සහතික නිකුත් කරනු ලැබේ.

2.අනුමාන වයස් සහතික නිකුත් කරනු ලබන්නේ,

  • රජයේ අනුමත ළමා නිවාසයක නේවාසික ළමුන්
  • රජයේ අනුමත ළමා නිවාසයක නේවාසික නොවන වෙනත් පුද්ගලයන් භාරයේ වෙසෙන ළමුන්

3.රජයේ අනුමත ළමා නිවාසයක නේවාසික ළමුන් ප්‍රකාශ පත්‍රය සමඟ ඉදිරිපත් කළ යුතු ලියවිලි

    • ළමා නිවාස පාලක/පාලිකාවගේ දිවුරුම් ප්‍රකාශය
    • රජයේ වෛද්‍ය නිළධාරියකු විසින්, ළමයාගේ වයස නිගමනය කර නිකුත් කරන ලද, වෛද්‍ය සහතිකය
    • ළමයා සම්බන්ධ විස්තර ඇතුළත් වෙනත් ලියවිලි (තිබේනම් පමණි.)

4.රජයේ අනුමත ළමා නිවාසයක නේවාසික නොවන ළමුන් ප්‍රකාශ පත්‍රය සමඟ ඉදිරිපත් කළ යුතු ලියවිලි

    • භාරකරුගේ/භාරකාරියගේ දිවුරුම් ප්‍රකාශය
    • ළමයා භාරකරුවන් භාරයේ සිටින බව තහවුරු කරන,

                               i.ග්‍රාම නිළධාරිගේ සහතිකයක් හෝ

                               ii.පරිවාස හා ළමාරක්ෂක නිළධාරිගේ සහතිකයක් හෝ

                               iii.සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සහතිකයක් හෝ

                               ivපොලිස් ස්ථානාධිපති විසින් නිකුත් කරන ලද සහතිකයක්

5.රජයේ වෛද්‍ය නිලධාරියකු විසින්, ළමයාගේ වයස නිගමනය කර නිකුත් කරන ලද, වෛද්‍ය සහතිකය

6.සෞඛ්‍ය වර්ධන සටහන් පත්‍රය

7.ළමයා පාසැල් යන්නේ නම්, පාසලට ඇතුලත් කර ගැනීමේ ලේඛණයේ පිටපතක්

දේවගැතිවරයෙකු විසින් විවාහ සිදුකිරීම

ක්‍රිස්තියානි බැතිමතුන්ගේ විවාහ ස්වකීය දේවස්ථාන තුළදී සිදු කරවා ගැනීමට ඉඩ සලසා තිබේ.  
විවාහ දැන්වීම පිටපත් දෙකකින් යුතුව ලියා සහතික කර කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර්ට භාර දෙන්න.  
දැන්වීම් සහතික කිරීමට බලය ඇති අය  1. කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර්
2. සාමදාන විනිශ්චයකරුවකු
3. ප්‍රසිද්ධ නොතාරිස්වරයකු 
4. දේවගැතිතුමකු
විවාහ දැන්වීමක් භාර දීම සඳහා සම්පූර්ණ කළ යුතු අවශ්‍යතා   
1. පාර්ශවකරුවන අදාළ කොට්ඨාශයේ පදිංචිය පිලිබඳ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම.  i. විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල පාර්ශවකරුවන් කොට්ඨාශයේ පදිංචිව සිටිම.
ii. විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල පාර්ශවකරුවන් එකම කොට්ඨාශයේ නොව වෙන වෙනම කොට්ඨාශ වල පදිංචිව සිටිම.
iii. පාර්ශවකරුවන්ගෙන් එක් අයකු විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටියේ නම්, අනික් පාර්ශවය දින 10 ක්  ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිම.
iv. දෙදෙනාගෙන් එක් අයකුවත් විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටියේ නම්, එක් පාර්ශවයක් දින 04 ක් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිම.
2. පාර්ශවකරුවන් දෙදෙනාම පසුගිය උපන් දිනයට වයස අවුරුදු 18 සම්පූර්ණ කර තිබීම.  
3. ඔවුන් විවාහවීමට තහනම් නෑදෑයන් නොවන බව.  
4. ඒ වන විටත් වලංගු විවාහයක් නොපවතින බව.  
රෙජිස්ට්‍රාර් හෝ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගෙන්  “ලේකම්තැනගේ සහතික පත්‍රය” ලබා ගන්න.  රු.750/= ක් මුදලින් ගෙවීම් කළ යුතුය.  
එම ලේකම්තැනගේ සහතික පත්‍රය විවාහය ලියාපදිංචි කරවා ගත යුතු දේවස්ථානයේ දේවගැතිවරයා වෙත ඉදිරිපත් කරන්න.   

විවාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරීම

  • පාර්ශවකරුවන් දෙදෙනාම මුස්ලිම්වරුන් නොවන අන් සියළු දෙනාටම, විවාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරීමේ ආඥාපනත යටතේ විවාහ විය හැක.
  • විවාහ දැන්වීම පිටපත් දෙකකින් යුතුව ලියා සහතික කර කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර්ට භාර දෙන්න.
  • දැන්වීම් සහතික කිරීමට බලය ඇති අය,
1. කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර්
2. සාමදාන විනිශ්චයකරුවකු
3. ප්‍රසිද්ධ නොතාරිස්වරයකු
4. දේවගැතිතුමකු
  • විවාහ දැන්වීමක් භාර දීම සඳහා සම්පූර්ණ කළ යුතු අවශ්‍යතා
 
1. පාර්ශවකරුවන් අදාළ කොට්ඨාශයේ පදිංචිය පිලිබඳ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම. i. විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල පාර්ශවකරුවන් කොට්ඨාශයේ පදිංචිව සිටිම.
ii. විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල පාර්ශවකරුවන් එකම කොට්ඨාශයේ නොව වෙන වෙනම කොට්ඨාශ වල පදිංචිව සිටිම.
iii. පාර්ශවකරුවන්ගෙන් එක් අයකු විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටියේ නම්, අනික් පාර්ශවය දින 10 ක් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිම. 
iv. දෙදෙනාගෙන් එක් අයකුවත් විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටියේ නම්, එක් පාර්ශවයක් දින 04 ක් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිම.
2. පාර්ශවකරුවන් දෙදෙනාම පසුගිය උපන් දිනයට වයස අවුරුදු18 සම්පූර්ණ කර තිබීම.
3. ඔවුන් විවාහවීමට තහනම් නෑදෑයන් නොවන බව.
4. ඒ වන විටත් වලංගු විවාහයක් නොපවතින බව.
  • විවාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරීම සඳහා දැන්වීම දී දින 14 ක් ගත විය යුතුය. එසේ දින 14 ක් ගතවිමට කළින් විවාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරීම සඳහා හැකියාව ඇත. 
  • කාර්යාලයෙන් පිටතදී විවාහයක් ලියාපදිංචි කරවා ගැනීම සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කළ හැකිය.
  • විවාහ ලියාපදිංචි කිරීමේදී රෙජිස්ට්‍රාර්ට ගෙවිය යුතූ ගාස්තූ සඳහා පහත ඇමුණුම බලන්න.

විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

  • අවශ්‍ය ඉල්ලුම් පත්‍රය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශයෙන් ලබාගත හැක.
  • අයකරනු ලබන ගාස්තු,
       I.විවාහ සහතිකයේ අංකය, ලියාපදිංචි කළ කොට්ඨාශය සහ ලියාපදිංචි කළ දිනය දන්නා විට එක පිටපතකට ගාස්තුව රු.100.00
       II. විවාහ සහතිකයේ අංකය සහ ලියාපදිංචි කළ දිනය නොදන්නේ නම්, වර්ෂ දෙකකට නොවැඩි කාලයක ලේඛන සෙවීමක් අවශ්‍ය  වන අවස්ථාවක එක පිටපතකට ගාස්තුව රු.200.00
  • අවශ්‍ය මුදල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  රෙජිස්ට්‍රාර් අංශයට ගෙවන්න.
  • සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය රෙජිස්ට්‍රාර් අංශය වෙත භාර දෙන්න.
  • විවාහ සහතිකය තැපෑලෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය වේ නම් ලිපිනය ලියන ලද මුද්දර ඇලවූ ලියුම් කවරයක් ඉල්ලුම් පත්‍රය සමග ඉදිරිපත් කරන්න.

විවාහ සහතිකවල පරිවර්තන පිටපත් ලබා ගැනීම

1.මෙම සේවාව ලබාගත හැකි පරිවර්තකයන් සේවය කරන, දෙපාර්තමේන්තුවේ ශාඛා කාර්යාල පහත දක්වා ඇත.
ලබාගත හැකි පරිවර්තන,
සිංහල - ඉංගී‍්‍රසි
ඉංගී‍්‍රසි - සිංහල
දෙමළ - ඉංගී‍්‍රසි
ඉංගී‍්‍රසි - දෙමළ
2.ඉල්ලුම් පත‍්‍ර භාරගන්නා වේලාව :  පෙ.ව. 9.00 - ප.ව. 3.00
3.අයදුම්පත‍්‍ර පරිවර්තකයින් සේවය කරන කාර්යාල වලින් ලබාගත හැකිය.
ඉදිරිපත් කළයුතු ලියවිලි,
i.නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත‍්‍රය
ii.පරිවර්තනය කළයුතු ලේඛනයේ මුල් පිටපත හෝ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ලබාගත් සහතික පිටපතක්
iii.තැපෑලෙන් ලබාගන්නේ නම් ලිපිනය ලියන ලද මුද්දර ඇලවූ ලියුම් කවරයක්
ගතවන කාලය :   කාර්යාල දින 03කි.
 
සිංහල - ඉංග්‍රීසි සහ ඉංග්‍රීසි - සිංහල පරිවර්තන ලබාගත හැකි කාර්යාල
ගම්පහ ඉඩම් සහ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කාර්යාලය 332222315

නිවසක සිදු වූ මරණයක් ලියාපදිංචි කිරීම

1.මරණය සිදුවී දින 07ක් ඇතුලත ග්‍රාම නිලධාරී වෙත දැනුම් දෙන්න.

2.ග්‍රාම නිලධාරී  විසින් මරණය පිළිබඳව වාර්තාවක් ප්‍රදේශයේ රෙජිස්ට්‍රාර් වෙත යවනු ලැබේ.

3.මරණය ලියාපදිංචි කරනු ලබන්නේ මරණය සිදුවූ ප්‍රදේශයේ උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර් වරයා විසිනි. මරණ ප්‍රකාශය රෙජිස්ට්‍රාර් වරයාගෙන් ලබාගත හැක.

දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්,

i)  මරණය සිදුවන අවස්ථාවේදි එහි සිටි කිට්ටුම නෑදෑයා
ii) අවසන් වරට රෝගීව සිටියදී උපස්ථානය කළ කිට්ටුම නෑදෑයා

එවැනි නෑදෑයකු නොමැතිවූ විට,

මියගිය අය පදිංචි රෙජිස්ට්‍රාර් කොට්ඨාශය තුල වාසය කරන මියගිය තැනැත්තාගේ නෑදෑයකු

එවැනි නෑදෑයකු නොමැතිවූ විට,

i)මරණය සිදුවන අවස්ථාවේ එහි සිටි පුද්ගලයෙක්
ii)මරණය සිදුවූ ගෙදර පදිංචිකරු

ඉහත සඳහන් පුද්ගලයන් නොමැතිවූ විට

මළ සිරුර වැළලීමට, ආදාහනය කිරීමට හෝ වෙනත් ආකාරයකින් ඒ පිළිබඳ අවසන් කටයුතු කරන පුද්ගලයා
මරණය සිදු වී මාස 03ක් ඇතුලතදී මරණය ලියාපදිංචි කරවා ගත හැක.

මරණය සිදු වී මාස 03කින් පසුවද මරණය ලියාපදිංචි කරවා ගැනීමට හැකියාව ඇති අතර ඒ සඳහා කල් ගත වූ මරණ ලියාපදිංචි කිරීමේ විස්තර බලන්න.

මහ රෝහලක සිදු වූ මරණයක් ලියාපදිංචි කිරීම

1.මරණය ලියාපදිංචි කර ගැනීම සඳහා මරණය සිදු වූ මහ රෝහලේ සිටින උප්පැන්න හා මරණ රෙජිස්ට‍්‍රාර්වරයාට දැනම් දෙන්න.
2.මරණය ලියාපදිංචි කිරීම සඳහා දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්,

i.මරණය සිදුවූ වේලාවේ එහි සිටි පුද්ගලයන්
ii.මරණය සිදුවන වේලාවේ උපස්ථාන කළ පුද්ගලයා
iii.රෝහලේ වෛද්‍ය නිලධාරී

3.මරණය සිදුවන වේලාවේ උපස්ථාන කළ පුද්ගලයා දැනුම් දීම සඳහා අවශ්‍ය ප‍්‍රකාශය, මෙම වෙබ් අඩවියෙන් බාගත කරගන්න.
4.ඉදිරිපත් කළයුතු ලියවිලි

i.නිවැරදිව සම්පූර්ණ කරන ලද ප‍්‍රකාශය
ii.මරණය සිදු වූ බව තහවුරු කිරීමට රෝහලෙන් නිකුත් කළ වාර්තාව

පෞද්ගලික රෝහලක සිදු වූ මරණයක් ලියාපදිංචි කිරීම

1.මරණයක් ලියාපදිංචි කරන්නේ මරණය සිදු වූ ප‍්‍රදේශයේ සිටින උප්පැන්න හා මරණ රෙජිස්ට‍්‍රාර්වරයා විසිනි. මරණය සිදු වූයේ
පෞද්ගලික රෝහලක නම්, එම ප‍්‍රදේශයේ සිටින රෙජිස්ට‍්‍රාර්වරයාට මරණය ලියාපදිංචි කිරීමට දැනුම් දෙන්න.
2.මරණය ලියාපදිංචි කිරීම සඳහා දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්,

i.මරණය සිදුවූ වේලාවේ එහි සිටි පුද්ගලයන්

ii.මරණය සිදුවන වේලාවේ උපස්ථාන කළ පුද්ගලයා

iii.රෝහලේ වෛද්‍ය නිලධාරී

මරණය දැනුම් දීම සඳහා අවශ්‍ය ප‍්‍රකාශය, මෙම වෙබ් අඩවියෙන් බාගත කරගන්න. ඉදිරිපත් කළයුතු ලියවිලි,

i.නිවැරදිව සම්පූර්ණ කරන ලද ප‍්‍රකාශය
ii.මරණය සිදු වූ බව තහවුරු කිරීමට රෝහලෙන් නිකුත් කළ වාර්තාව

ග‍්‍රාමීය රෝහලක සිදු වූ මරණයක් ලියාපදිංචි කිරීම

1.මරණයක් ලියාපදිංචි කරන්නේ මරණය සිදු වූ ප‍්‍රදේශයේ සිටින උප්පැන්න හා මරණ රෙජිස්ට‍්‍රාර්වරයා විසිනි. මරණය සිදු වූයේ
ග‍්‍රාමීය රෝහලක නම්, එම ප‍්‍රදේශයේ සිටින රෙජිස්ට‍්‍රාර්වරයාට මරණය ලියාපදිංචි කිරීමට දැනුම් දෙන්න.
2.මරණය ලියාපදිංචි කිරීම සඳහා දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්,

i.මරණය සිදුවූ වේලාවේ එහි සිටි පුද්ගලයන්
ii.මරණය සිදුවන වේලාවේ උපස්ථාන කළ පුද්ගලයා
iii.රෝහලේ වෛද්‍ය නිලධාරී

මරණය දැනුම් දීම සඳහා අවශ්‍ය ප‍්‍රකාශය, මෙම වෙබ් අඩවියෙන් බාගත කරගන්න.

ඉදිරිපත් කළයුතු ලියවිලි,
i.නිවැරදිව සම්පූර්ණ කරන ලද ප‍්‍රකාශය
ii.මරණය සිදු වූ බව තහවුරු කිරීමට රෝහලෙන් නිකුත් කළ වාර්තාව

මරණ ලේඛණයක ඇතුලත් විස්තර සංශෝධනය කිරීම

  • අවශ්‍ය ප්‍රකාශ පත්‍රය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  රෙජිස්ට්‍රාර් අංශයෙන් ලබාගත හැක.
  • ප්‍රකාශ පත්‍රය මරණය සිදුවූ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ට ඉදිරිපත් කරන්න.
  • ප්‍රකාශ පත්‍රය ඉදිරිපත් කළ යුත්තේ පහත සඳහන් පුද්ගලයන්ගෙන් කෙනෙකු විසිනි.
  • සිද්ධිය ලියාපදිංචි කිරීම පිණිස ආරංචි සැපයු පුද්ගලයා
  • කාරණය පිළිබඳව සත්‍යතාවය දන්නා විශ්වාස කටයුතු පුද්ගලයා
  • මරණ ලේඛණයක ලියාපදිංචි කිරීමේ දිනය හැර අනිකුත් සියළුම තොරතුරු සංශෝධනය කළ හැකිය.
  • ප්‍රකාශ පත්‍රයට සැපයිය යුතු ගාස්තුව රු. 50.00 කි.
  • ප්‍රකාශ පත්‍රය සමඟ ප්‍රකාශ පත්‍රයෙන් කරන ලද ඉල්ලීමෙහි නිර්ව්‍යාජ බව සනාථ කිරීම ලබා ගත හැකි ලිඛිත සාක්ෂි ඉදිරිපත් කරන්න.

මරණ සහතිකයක පිටපතක් ලබා ගැනීම.

  • අවශ්‍ය ඉල්ලුම් පත්‍රය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශයෙන් ලබාගත හැක.
  • අයකරනු ලබන ගාස්තු,

                           I.මරණ සහතිකයේ අංකය සහ ලියාපදිංචි කළ දිනය දන්නා විට එක පිටපතකට ගාස්තුව රු.100.00

                          II.මරණ සහතිකයේ අංකය සහ ලියාපදිංචි කළ දිනය නොදන්නේ නම්, වර්ෂ දෙකකට නොවැඩි කාලයක ලේඛන  සෙවීමක් අවශ්‍ය වන අවස්ථාවක එක පිටපතකට ගාස්තුව රු.200.00

                          III.අවශ්‍ය මුදල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  රෙජිස්ට්‍රාර් අංශයට ගෙවන්න.

  • සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය රෙජිස්ට්‍රාර් අංශයට වෙත භාර දෙන්න.
  • මරණ සහතිකය තැපෑලෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය වේ නම් ලිපිනය ලියන ලද මුද්දර ඇලවූ ලියුම් කවරයක් ඉල්ලුම් පත්‍රය සමග ඉදිරිපත් කරන්න.
  • මරණ ලියාපදිංචි වී තිබේ නම්, මරණ සහතිකයක් යවනු ලබන අතර මරණය ලියාපදිංචි වී නොමැති නම් ඒ පිළිබඳව දන්වා ලිපියක් යවනු ලැබේ.

කල්ගතවූ මරණයක් ලියාපදිංචි කිරීම

  • අවශ්‍ය ප්‍රකාශ පත්‍රය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  රෙජිස්ට්‍රාර් අංශයෙන් ලබාගත හැක.
  • මරණයක් සිදුවී මාස තුනක් ඇතුලත දී ලියාපදිංචි කර නොමැති විටෙක එවැනි මරණයක් ලියාපදිංචි කරවා ගැනීමට පුළුවන.
  • එම ප්‍රකාශය කර තිබෙන්නේ එහි සඳහන් මරණය සිදුවී අවුරුදු 25කට වැඩි නොවන කාලයක් තුලදි නම් පමණක් මරණය ලියාපදිංචි කළ හැක.
  • ප්‍රකාශ පත්‍රය මරණය සිදුවූ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ට ඉදිරිපත් කරන්න.
  • ප්‍රකාශ පත්‍රය ඉදිරිපත් කළ හැකි පුද්ගලයන්
  • මරණයක් සිදුවන අවස්ථාවේ එහි සිටි හෝ මියගිය තැනැත්තා අවසන් වරට රෝගීව සිටියදී ඔහුට උපස්ථානය කළ කිට්ටුම නෑදෑයා
  • උනන්දුවක් දක්වන වෙනත් අය
  • ප්‍රකාශ පත්‍රය සඳහා ගාස්තුව රු. 50.00 කි.

වැඩිදුර තොරතුරු රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය වෙතින් ලබා ගත හැකිය


නිවසක සිදු වූ උපතක් ලියාපදිංචි කිරීම

අවශ්‍ය පෝරම බාගත කිරීම>>> ප්‍රකාශය

නිවසක සිදු වූ උපතක් ලියාපදිංචි කිරීම 1. උපත සිදුවී දින 07ක් ඇතුලත ග්‍රාම නිලධාරී වෙත දැනුම් දෙන්න.
  2. ග්‍රාම නිලධාරී  විසින් උපත පිළිබඳව වාර්තාවක් ප්‍රදේශයේ රෙජිස්ට්‍රාර් වෙත යවනු ලැබේ.
  3. උපත ලියාපදිංචි කරනු ලබන්නේ උපත සිදුවූ ප්‍රදේශයේ උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර් වරයා විසිනි.
  4. නිවැරදිව සම්පූර්ණ කරන ලද ප්‍රකාශය ප්‍රදේශයේ උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයා වෙත ලබා දෙන්න. 
  5. ප්‍රකාශය රෙජිස්ට්‍රාර්වරයාගෙන් ලබා ගත හැක.
  6. දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්
 
  • පියා
 
  • මව
 
  • උපන් අවස්ථාවේදී ළඟ සිටි පුද්ගලයන්
 
  • භාරකරුවන් 
  7. උපත සිදු වී මාස 03ක් ඇතුලතදී උපත කොට්ඨාශයේ රෙජිස්ටාර්වරයා ලවා ලියාපදිංචි කරවා ගත හැක.
  8. උපත සිදු වී මාස 03කින් පසුවද උපත ලියාපදිංචි කරවා ගැනීමට හැකියාව ඇති අතර ඒ සඳහා කල් ගත වූ උපත් ලියාපදිංචි කිරීමේ විස්තර බලන්න.
  9. ගාස්තු

පෞද්ගලික රෝහලක සිදු වූ උපතක් ලියාපදිංචි කිරීම

පෞද්ගලික රෝහලක සිදු වූ උපතක් ලියාපදිංචි කිරීම 1. උපතක් ලියාපදිංචි කරන්නේ උපත සිදු වූ ප‍්‍රදේශයේ සිටින උප්පැන්න හා මරණ රෙජිස්ට‍්‍රාර්වරයා විසිනි. 
  2. උපත සිදු වූයේ පෞද්ගලික රෝහලක නම්, එම ප‍්‍රදේශයේ සිටින රෙජිස්ට‍්‍රාර්වරයාට උපත ලියාපදිංචි කිරීමට දැනුම් දෙන්න.
  3. උපත ලියාපදිංචි කිරීම සඳහා දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්,
 
  • පියා
 
  • මව
 
  • දරුවා උපන් වේලාවේ එහි සිටි පුද්ගලයන්
 
  • දරුවා භාරව සිටින පුද්ගලයන්
 
  • රෝහලේ වෛද්‍ය නිලධාරී
  4. උපත දැනුම් දීම සඳහා අවශ්‍ය ප‍්‍රකාශය, උප්පැන්න හා මරණ රෙජිස්ට‍්‍රාර්වරයාගෙන් ලබාගන්න.
  5.ඉදිරිපත් කළයුතු ලියවිලි
  I. නිවැරදිව සම්පූර්ණ කරන ලද ප‍්‍රකාශය
  II. උපත සිදු වූ බව තහවුරු කිරීමට රෝහලෙන් නිකුත් කළ වාර්තාව

ග‍්‍රාමීය රෝහලක සිදු වූ උපතක් ලියාපදිංචි කිරීම

ග‍්‍රාමීය රෝහලක සිදු වූ උපතක් ලියාපදිංචි කිරීම 1. උපතක් ලියාපදිංචි කරන්නේ උපත සිදු වූ ප‍්‍රදේශයේ සිටින උප්පැන්නහා මරණ රෙජිස්ට‍්‍රාර්වරයා විසිනි. 
  2. උපත සිදු වූයේ ග‍්‍රාමීය රෝහලක නම්, එම ප‍්‍රදේශයේ සිටින රෙජිස්ට‍්‍රාර්වරයාට උපත ලියාපදිංචි කිරීමට දැනුම් දෙන්න.
  3. උපත ලියාපදිංචි කිරීම සඳහා දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්
         I. පියා
         II. මව
         III. දරුවා උපන් වේලාවේ එහි සිටි පුද්ගලයන්
         IV. දරුවා භාරව සිටින පුද්ගලයන්
         V. රෝහලේ වෛද්‍ය නිලධාරී
  4. උපත දැනුම් දීම සඳහා අවශ්‍ය ප‍්‍රකාශය, උප්පැන්න හා මරණ රෙජිස්ට‍්‍රාර්වරයාගෙන් ලබාගන්න.(16 වැනි වගන්ති ප්‍රකාශ පත්‍රය)
  ඉදිරිපත් කළයුතු ලියවිලි
       I. නිවැරදිව සම්පූර්ණ කරන ලද ප‍්‍රකාශය
       II. උපත සිදු වූ බව තහවුරු කිරීමට රෝහලෙන් නිකුත් කළ වාර්තා.
  5. දැනුම් දෙන්නා වෙත නොමිලයේ උප්පැන්න සහතිකයක් නිකුත් කරනු ලැබේ. 

මහ රෝහලක සිදු වූ උපතක් ලියාපදිංචි කිරීම

මහ රෝහලක සිදු වූ උපතක් ලියාපදිංචි කිරීම 1. උපත ලියාපදිංචි කර ගැනීම සඳහා උපත සිදු වූ මහ රෝහලේ සිටින උප්පැන්න හා මරණ රෙජිස්ට‍්‍රාර්වරයාට දැනම් දෙන්න.
  2. උපත ලියාපදිංචි කිරීම සඳහා දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්,
        I. පියා
        II. මව
        III. දරුවා උපන් වේලාවේ එහි සිටි පුද්ගලයන්
        IV. දරුවා භාරව සිටින පුද්ගලයන්
        V. රෝහලේ වෛද්‍ය නිලධාරී
  3. උපත දැනුම් දීම සඳහා අවශ්‍ය ප‍්‍රකාශය, වෛද්‍ය රෙජිස්ට‍්‍රාර්වරයාගෙන් ලබාගන්න.
  ඉදිරිපත් කළයුතු ලියවිලි,
       I. නිවැරදිව සම්පූර්ණ කරන ලද ප‍්‍රකාශය
       II. උපත සිදු වූ බව තහවුරු කිරීමට රෝහලෙන් නිකුත් කළ වාර්තාව

උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

අවශ්‍ය පෝරම බාගත කිරීම-ඉල්ලුම් පත්‍රය

උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම 1. උප්පැන්න සහතිකයේ පිටපත් ලබාගත යුත්තේ උපත සිදුවූ ප‍්‍රදේශය අයත් වන ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයෙනි.
  2. අවශ්‍ය ඉල්ලුම් පත‍්‍රය ඕනෑම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයක දිස්ති‍්‍රක් රෙජිස්ට‍්‍රාර් අංශයෙන් ලබාගත හැක.
  3. අයකරනු ලබන ගාස්තු,
         I.උප්පැන්න සහතිකයේ අංකය සහ ලියාපදිංචි කළ දිනය දන්නා විට එක පිටපතකට ගාස්තුව රු.100.00
         II. උප්පැන්න සහතිකයේ අංකය සහ ලියාපදිංචි කළ දිනය නොදන්නේ නම්, වර්ෂ දෙකකට නොවැඩි කාලයක ලේඛන සෙවීමක් අවශ්යං වන අවස්ථාවක එක පිටපතකට ගාස්තුව රු.200.00
  3. අවශ්‍ය මුදල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  රෙජිස්ට්‍රාර්  අංශයට ගෙවන්න.
  4. සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත‍්‍රය අදාල ප‍්‍රාදේ‍ශී ලේකම් කාර්යාලය වෙත භාර දෙන්න.
  5. උප්පැන්න සහතිකය තැපෑලෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය වේ නම් ලිපිනය ලියන ලද මුද්දර ඇලවූ ලියුම් කවරයක් ඉල්ලුම් පත‍්‍රය සමග ඉදිරිපත් කරන්න.
  6. උපත ලියාපදිංචි වී තිබේ නම්, උප්පැන්න සහතිකයක් යවනු ලබන අතර උපත ලියාපදිංචි වී නොමැති නම් ඒ පිළිබඳව දන්වා ලිපියක් යවනු ලැබේ.
  7. එක් ඉල්ලුම්පත්‍රයකින් පිටපත් ඕනෑම සංඛ්‍යාවක් ලබාගත හැකිය(චක්‍රලේක අංක-02/2012)

උප්පැන්න ලේඛනයක ඇතුළත් විස්තර සංශෝධනය කිරිම

උප්පැන්න ලේඛනයක ඇතුළත් විස්තර සංශෝධනය කිරිම 01.උප්පැන්න ලියාපදිංචි කිරීමේ සටහනක,
        I. 01 තීරයෙහි විස්තර (උපන් දිනය සහ උපන් ස්ථානය)
        II. 03 තීරයෙහි විස්තර (ස්ත්‍රී/පුරුෂ භාවය)
        III. 05 තීරයෙහි විස්තර (මවගේ තොරතුරු සියල්ල) (උපත ලියාපදිංචි කිරීමෙන් පසු මවගේ නම වෙනස් කර ඇති විට, නම සංශෝධනය මෙම ප්‍රතිපාදන යටතේ කළ නොහැක.)
        IV. 09 තීරයෙහි විස්තර (දැනුම් දෙන්නාගේ තොරතුරු) නිවැරදි කිරීම කළ හැකිය.
   
  02. ප්‍රකාශ පත්‍රය උපත සිදුවූ ප්‍රදේශයේ ප්‍රා‍දේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ට ඉදිරිපත් කරන්න.
  03. ප්‍රකාශ පත්‍රය ඉදිරිපත් කළ යුත්තේ,
       I. උප්පැන්නය හිමි තැනැත්තා
       II. පියා හෝ මව
       III. නීත්‍යානූකුල භාරකරු
       IV. උප්පැන්න සටහනේ ඇති යම් විස්තරයක් ගැන අතෘප්තියට පත් තැනැත්තෙකු
  04. ප්‍රකාශ පත්‍රයට සැපයිය යුතු ගාස්තුව රු. 50.00 කි.
  05. ප්‍රකාශ පත්‍රයට, සංශෝධනය කිරීමට අපේක්ෂිත උප්පැන්න ලේඛණයේ සහතික පිටපතක් අනිවාර්යෙන්ම අමුණා තිබිය යුතුය. ඉල්ලීමෙහි නිර්ව්‍යාජ බව සනාථ කිරීම සඳහා ලිඛිත සාක්ෂි  ඒ සමඟ ඉදිරිපත් කරන්න.
  06. ප්‍රකාශ පත්‍රයෙන් කරන ලද ඉල්ලීමෙහි නිර්ව්‍යාජ බව සනාථ කිරීමලබා ගත හැකි ලිඛිත සාක්ෂි සමහරක් පහත දැක්වේ.
  I. මව්පියන්ගේ විවාහ සහතිකය
  II. දරු නාමාවලිය/ සහෝදර නාමාවලිය
  III. පියාගේ/ මවගේ උප්පැන්න සහතිකය
  IV. මව්පියන්ගේ විවාහ ලියාපදිංචි කිරීමෙන් පසුව උපන් දරුවකුගේ උප්පැන්නයක්
  V. විවාහ ලියාපදිංචි කිරීමෙන් පසුව උපන් දරුවකු නොමැති විට විෂය වූ දරුවාට වැඩිමහල් හෝ බාල දරුවකුගේ උප්පැන්නය
  VI. ආරෝග්‍යශාලා, මාතෘ නිවාස වල ඇති සටහන් වල සහතික පිටපත් හෝ වින්නඹු මාතාවගේ ලේඛනවල පිටපත්
  VII. ශිෂ්‍ය කාර්ය දර්ශනය, ළමයින් ඇතුළත් කිරීමේ ලේඛණයේ උපුටනය
  VIII. විෂය සහ මව්පියන්ගේ නම් ඇතුළත් ඡන්ද නාමාවලියේ පිටපතක්
  IX. පියා මියගොස් ඇති විටෙක ඔහුගේ මරණ සහතිකය

කල්ගතවූ උපත් ලියාපදිංචි කිරීම

කල්ගතවූ උපත් ලියාපදිංචි කිරීම 01. උපතක් සිදුවී මාස තුනක් ඇතුලතදී ලියාපදිංචි කර නොමැති විටෙක එවැනි උපතක් ලියාපදිංචි කරවා ගැනීමට පුලුවන.
  02. අවශ්‍ය  ප්‍රකාශ පත්‍රය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  රෙජිස්ට්‍රාර් අංශයෙන් ලබාගත හැක.
  03. ප්‍රකාශ පත්‍රය ඉදිරිපත් කළ හැකි අය,
                  I. උනන්දුවක් දක්වන ඕනෑම අයකු
                  II. මව්පියන්ගෙන් කෙනෙකු
  04. ප්‍රකාශ පත්‍රයට අදාල ගෙවීම් මුදලින් කළ යුතුය.
                 I. ප්‍රකාශ පත්‍රය සඳහා ගාස්තුව රු. 50.00 කි.
  05. උපත සිදුවී අවුරුද්දක් ඇතුලත ඉදිරිපත් කරන ප්‍රකාශ පත්‍ර සමඟ පහත සඳහන් ලියවිලි පමණක් ඉදිරිපත් කරන්න.
           1. මව්පියන් විවාහක නම්, ඔවුන්ගේ විවාහ සහතිකය
           2. විෂයගේ උපන් දිනය හා ස්ථානය සනාථ වන පහත සඳහන් ලියවිලි වලින් එකක්,
                     I. රෝහල් උපත් වාර්තාව හෝ සහතික පිටපත
                     II. ග්‍රාම නිළධාරී උපත් වාර්තාව හෝ සහතික පිටපත
                     III. වතු උපත් වාර්තාව හෝ සහතික පිටපත
                     IV. පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියගේ සහතිකයක්
  06. උපත සිදුවී අවුරුද්දක කාලය ගත වීමෙන් පසුව ඉදිරිපත් කරන ප්‍රකාශ පත්‍රය සමඟ පහත සඳහන් ලියවිලි පමණක් ඉදිරිපත් කරන්න.
          I. මව්පියන් විවාහක නම්, ඔවුන්ගේ විවාහ සහතිකය,
          II. උපත ලියාපදිංචිවී නොමැති බවට සහතිකය (හිස් ප්‍රතිඵලය)
          III. පුද්ගලයාගේ උපන් දිනය හා ස්ථානය ඇතුළත් පහත සඳහන් ලියවිලි වලින් එකක්,
             i. රෝහල් වාර්තාව හෝ සහතික පිටපත
             ii. ග්‍රාම නිලධාරී වාර්තාව හෝ සහතික පිටපත
             iii. වතු උපත් වාර්තාව හෝ සහතික පිටපත
             iv. වින්නඹු මාතාවගේ උපත් ලේඛණයේ පිටපත
       IV. ඉහත සඳහන් ලියවිල්ලක් නැතිනම්, ඒ වෙනුවට පහත සඳහන් ලියවිලි වලින් එකක්,
               a. සෞඛ්‍ය වර්ධන සටහන
               b. බෞතීස්ම සහතිකය,
               c. පාසැලට ඇතුලත් කිරීමේ ලේඛණයේ සහතික පිටපත/ ශිෂ්‍ය කාර්ය දර්ශනය
               d. වතු සුභසාධක නිලධාරිගේ වාර්ථාව
               e. උපන් දිනට ආසන්නයේදී සකස් කරන ලද හඳහන හෝ වේලාපත්කඩය
       V. මෙම ලියවිලි කිසිවක් ලබාගත නොහැකි නම්, දන්නා විස්තර ඇතුලත් කරන ලද ප්‍රකාශ පත්‍රයක් සහ දිවුරුම් ප්‍රකාශය

පුවත් සහ සිදුවීම්

27
දෙසැ2023
ආබාධ සහිත තැනැත්තන්ගේ ජාත්‍යන්තර දින ප්‍රාදේශීය සැමරුම්  උත්සවය

ආබාධ සහිත තැනැත්තන්ගේ ජාත්‍යන්තර දින ප්‍රාදේශීය සැමරුම් උත්සවය

ආබාධ සහිත තැනැත්තන්ගේ ජාත්‍යන්තර දින ප්‍රාදේශීය සැමරුම් ...

25
ඔක්2023
සාහිත්‍ය කලා මහෝත්සවය 2023

සාහිත්‍ය කලා මහෝත්සවය 2023

සාහිත්‍ය කලා මහෝත්සවය 2023

25
ජන2023
සංහිඳියා සංචාරය - යාපනය දොම්පෙ තෛපොංගල් සැමරුම.

සංහිඳියා සංචාරය - යාපනය දොම්පෙ තෛපොංගල් සැමරුම.

යාපනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කල යාපනය...

25
ජන2023
සංහිඳියා සංචාරය - යාපනය

සංහිඳියා සංචාරය - යාපනය

යාපනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා දොම්පෙ ප්‍රාදේශීය...

03
ජන2023
සියනෑ නිලදරු ප්‍රතිභා 2022

සියනෑ නිලදරු ප්‍රතිභා 2022

දොම්පෙ ප්‍රාදේශීය ලේකම්තුමාගේ සංකල්පයක් මත කාර්යාලයේ නිලධාරීන්ගේ...

27
දෙසැ2022
සිපිරි ගෙදරට නත්තල් ...

සිපිරි ගෙදරට නත්තල් ...

දොම්පෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා සමෘද්ධි ප්‍රජා...

20
දෙසැ2022
සිපිරි ගෙයින් ඔබ්බට...

සිපිරි ගෙයින් ඔබ්බට...

ගීතය තුළින් ඔබ දකිමු දෙවන වැඩසටහන 2022.11.25...

28
නොවැ2022
සිපිරි ගෙයින් ඔබ්බට...

සිපිරි ගෙයින් ඔබ්බට...

මීතිරිගල කන්දවත්ත බන්ධනාගාර මත්ද්‍රව්‍ය ප්‍රතිකාර හා පුනරුත්ථාපන...

21
ඔක්2022
දොම්පෙ වැඩිහිටි බල මණ්ඩල ආගමික වැඩසටහන

දොම්පෙ වැඩිහිටි බල මණ්ඩල ආගමික වැඩසටහන

දොම්පෙ වැඩිහිටි බල මණ්ඩල ආගමික වැඩසටහන -...

17
ඔක්2022
Build a house for Elder Person

Build a house for Elder Person

The initial opportunity to build a house...

« »
Scroll To Top