දේවගැතිවරයෙකු විසින් විවාහ සිදුකිරීම

ක්‍රිස්තියානි බැතිමතුන්ගේ විවාහ ස්වකීය දේවස්ථාන තුළදී සිදු කරවා ගැනීමට ඉඩ සලසා තිබේ.  
විවාහ දැන්වීම පිටපත් දෙකකින් යුතුව ලියා සහතික කර කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර්ට භාර දෙන්න.  
දැන්වීම් සහතික කිරීමට බලය ඇති අය  1. කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර්
2. සාමදාන විනිශ්චයකරුවකු
3. ප්‍රසිද්ධ නොතාරිස්වරයකු 
4. දේවගැතිතුමකු
විවාහ දැන්වීමක් භාර දීම සඳහා සම්පූර්ණ කළ යුතු අවශ්‍යතා   
1. පාර්ශවකරුවන අදාළ කොට්ඨාශයේ පදිංචිය පිලිබඳ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම.  i. විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල පාර්ශවකරුවන් කොට්ඨාශයේ පදිංචිව සිටිම.
ii. විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල පාර්ශවකරුවන් එකම කොට්ඨාශයේ නොව වෙන වෙනම කොට්ඨාශ වල පදිංචිව සිටිම.
iii. පාර්ශවකරුවන්ගෙන් එක් අයකු විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටියේ නම්, අනික් පාර්ශවය දින 10 ක්  ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිම.
iv. දෙදෙනාගෙන් එක් අයකුවත් විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටියේ නම්, එක් පාර්ශවයක් දින 04 ක් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිම.
2. පාර්ශවකරුවන් දෙදෙනාම පසුගිය උපන් දිනයට වයස අවුරුදු 18 සම්පූර්ණ කර තිබීම.  
3. ඔවුන් විවාහවීමට තහනම් නෑදෑයන් නොවන බව.  
4. ඒ වන විටත් වලංගු විවාහයක් නොපවතින බව.  
රෙජිස්ට්‍රාර් හෝ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගෙන්  “ලේකම්තැනගේ සහතික පත්‍රය” ලබා ගන්න.  රු.750/= ක් මුදලින් ගෙවීම් කළ යුතුය.  
එම ලේකම්තැනගේ සහතික පත්‍රය විවාහය ලියාපදිංචි කරවා ගත යුතු දේවස්ථානයේ දේවගැතිවරයා වෙත ඉදිරිපත් කරන්න.   

විවාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරීම

  • පාර්ශවකරුවන් දෙදෙනාම මුස්ලිම්වරුන් නොවන අන් සියළු දෙනාටම, විවාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරීමේ ආඥාපනත යටතේ විවාහ විය හැක.
  • විවාහ දැන්වීම පිටපත් දෙකකින් යුතුව ලියා සහතික කර කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර්ට භාර දෙන්න.
  • දැන්වීම් සහතික කිරීමට බලය ඇති අය,
1. කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර්
2. සාමදාන විනිශ්චයකරුවකු
3. ප්‍රසිද්ධ නොතාරිස්වරයකු
4. දේවගැතිතුමකු
  • විවාහ දැන්වීමක් භාර දීම සඳහා සම්පූර්ණ කළ යුතු අවශ්‍යතා
 
1. පාර්ශවකරුවන් අදාළ කොට්ඨාශයේ පදිංචිය පිලිබඳ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම. i. විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල පාර්ශවකරුවන් කොට්ඨාශයේ පදිංචිව සිටිම.
ii. විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල පාර්ශවකරුවන් එකම කොට්ඨාශයේ නොව වෙන වෙනම කොට්ඨාශ වල පදිංචිව සිටිම.
iii. පාර්ශවකරුවන්ගෙන් එක් අයකු විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටියේ නම්, අනික් පාර්ශවය දින 10 ක් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිම. 
iv. දෙදෙනාගෙන් එක් අයකුවත් විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටියේ නම්, එක් පාර්ශවයක් දින 04 ක් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිම.
2. පාර්ශවකරුවන් දෙදෙනාම පසුගිය උපන් දිනයට වයස අවුරුදු18 සම්පූර්ණ කර තිබීම.
3. ඔවුන් විවාහවීමට තහනම් නෑදෑයන් නොවන බව.
4. ඒ වන විටත් වලංගු විවාහයක් නොපවතින බව.
  • විවාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරීම සඳහා දැන්වීම දී දින 14 ක් ගත විය යුතුය. එසේ දින 14 ක් ගතවිමට කළින් විවාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරීම සඳහා හැකියාව ඇත. 
  • කාර්යාලයෙන් පිටතදී විවාහයක් ලියාපදිංචි කරවා ගැනීම සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කළ හැකිය.
  • විවාහ ලියාපදිංචි කිරීමේදී රෙජිස්ට්‍රාර්ට ගෙවිය යුතූ ගාස්තූ සඳහා පහත ඇමුණුම බලන්න.

විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

  • අවශ්‍ය ඉල්ලුම් පත්‍රය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශයෙන් ලබාගත හැක.
  • අයකරනු ලබන ගාස්තු,
       I.විවාහ සහතිකයේ අංකය, ලියාපදිංචි කළ කොට්ඨාශය සහ ලියාපදිංචි කළ දිනය දන්නා විට එක පිටපතකට ගාස්තුව රු.100.00
       II. විවාහ සහතිකයේ අංකය සහ ලියාපදිංචි කළ දිනය නොදන්නේ නම්, වර්ෂ දෙකකට නොවැඩි කාලයක ලේඛන සෙවීමක් අවශ්‍ය  වන අවස්ථාවක එක පිටපතකට ගාස්තුව රු.200.00
  • අවශ්‍ය මුදල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  රෙජිස්ට්‍රාර් අංශයට ගෙවන්න.
  • සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය රෙජිස්ට්‍රාර් අංශය වෙත භාර දෙන්න.
  • විවාහ සහතිකය තැපෑලෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය වේ නම් ලිපිනය ලියන ලද මුද්දර ඇලවූ ලියුම් කවරයක් ඉල්ලුම් පත්‍රය සමග ඉදිරිපත් කරන්න.

විවාහ සහතිකවල පරිවර්තන පිටපත් ලබා ගැනීම

1.මෙම සේවාව ලබාගත හැකි පරිවර්තකයන් සේවය කරන, දෙපාර්තමේන්තුවේ ශාඛා කාර්යාල පහත දක්වා ඇත.
ලබාගත හැකි පරිවර්තන,
සිංහල - ඉංගී‍්‍රසි
ඉංගී‍්‍රසි - සිංහල
දෙමළ - ඉංගී‍්‍රසි
ඉංගී‍්‍රසි - දෙමළ
2.ඉල්ලුම් පත‍්‍ර භාරගන්නා වේලාව :  පෙ.ව. 9.00 - ප.ව. 3.00
3.අයදුම්පත‍්‍ර පරිවර්තකයින් සේවය කරන කාර්යාල වලින් ලබාගත හැකිය.
ඉදිරිපත් කළයුතු ලියවිලි,
i.නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත‍්‍රය
ii.පරිවර්තනය කළයුතු ලේඛනයේ මුල් පිටපත හෝ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ලබාගත් සහතික පිටපතක්
iii.තැපෑලෙන් ලබාගන්නේ නම් ලිපිනය ලියන ලද මුද්දර ඇලවූ ලියුම් කවරයක්
ගතවන කාලය :   කාර්යාල දින 03කි.
 
සිංහල - ඉංග්‍රීසි සහ ඉංග්‍රීසි - සිංහල පරිවර්තන ලබාගත හැකි කාර්යාල
ගම්පහ ඉඩම් සහ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කාර්යාලය 332222315

පුවත් සහ සිදුවීම්

27
දෙසැ2023
ආබාධ සහිත තැනැත්තන්ගේ ජාත්‍යන්තර දින ප්‍රාදේශීය සැමරුම්  උත්සවය

ආබාධ සහිත තැනැත්තන්ගේ ජාත්‍යන්තර දින ප්‍රාදේශීය සැමරුම් උත්සවය

ආබාධ සහිත තැනැත්තන්ගේ ජාත්‍යන්තර දින ප්‍රාදේශීය සැමරුම් ...

25
ඔක්2023
සාහිත්‍ය කලා මහෝත්සවය 2023

සාහිත්‍ය කලා මහෝත්සවය 2023

සාහිත්‍ය කලා මහෝත්සවය 2023

25
ජන2023
සංහිඳියා සංචාරය - යාපනය දොම්පෙ තෛපොංගල් සැමරුම.

සංහිඳියා සංචාරය - යාපනය දොම්පෙ තෛපොංගල් සැමරුම.

යාපනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කල යාපනය...

25
ජන2023
සංහිඳියා සංචාරය - යාපනය

සංහිඳියා සංචාරය - යාපනය

යාපනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා දොම්පෙ ප්‍රාදේශීය...

03
ජන2023
සියනෑ නිලදරු ප්‍රතිභා 2022

සියනෑ නිලදරු ප්‍රතිභා 2022

දොම්පෙ ප්‍රාදේශීය ලේකම්තුමාගේ සංකල්පයක් මත කාර්යාලයේ නිලධාරීන්ගේ...

27
දෙසැ2022
සිපිරි ගෙදරට නත්තල් ...

සිපිරි ගෙදරට නත්තල් ...

දොම්පෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා සමෘද්ධි ප්‍රජා...

20
දෙසැ2022
සිපිරි ගෙයින් ඔබ්බට...

සිපිරි ගෙයින් ඔබ්බට...

ගීතය තුළින් ඔබ දකිමු දෙවන වැඩසටහන 2022.11.25...

28
නොවැ2022
සිපිරි ගෙයින් ඔබ්බට...

සිපිරි ගෙයින් ඔබ්බට...

මීතිරිගල කන්දවත්ත බන්ධනාගාර මත්ද්‍රව්‍ය ප්‍රතිකාර හා පුනරුත්ථාපන...

21
ඔක්2022
දොම්පෙ වැඩිහිටි බල මණ්ඩල ආගමික වැඩසටහන

දොම්පෙ වැඩිහිටි බල මණ්ඩල ආගමික වැඩසටහන

දොම්පෙ වැඩිහිටි බල මණ්ඩල ආගමික වැඩසටහන -...

17
ඔක්2022
Build a house for Elder Person

Build a house for Elder Person

The initial opportunity to build a house...

« »
Scroll To Top