අපගේ සේවාවන්
කෘෂිකාර්මික සේවා
- බල ප්‍රදේශයට අයත් සියළුම ගොවි ජනතාවට ප්‍රශස්ත ලෙස හා ඵලදායීව කෘෂිකාර්මික කටයුතු වල නියැලීම සඳහා අවශ්‍ය උපදෙස්, තොරතුරු, මගපෙන්වීම් හා අධීක්ෂණ කටයුතු සිදු කිරීම.
- ගොවි ගැටළු හා ආරවුල් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම හා ගැටළු නිරාකරණය කිරීමට සහය ලබා දීම.
- සුළු වාරි මාර්ග, වැව්, අමුණු ආරක්ෂා කර ගැනීම සහ අවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට සහය වීම.
- පොහොර සහනාධාර වැඩසටහන මගින් වගාවන්ට අවශ්‍ය පොහොර ලබා දීම.
- වගාවන් සඳහා අවශ්‍ය පුහුණු වැඩසටහන් පැවැත්වීම.
- කෘෂිකාර්මික ඉඩම් වල නෛතිකභාවය තහවුරු කිරීමට කුඹුරු ඉඩම් නාමලේඛණ සංශෝධනය.
- දේශගුණික හෝ වන සතුන්ගෙන් සිදුවන වගා හානි සම්බන්ධව වාර්ථා කර ඒ වෙනුවෙන් ගොවීන්ට වන්දි ලබා දීම සඳහා සහය වීම.
- වගා නොකරන කුඹුරු ඉඩම්, කුඹුරු ඉඩම් වල වෙනත් වගා හා ඉදිකිරීම් සම්බන්ධව ගොවිජන සංවර්ධන පනත ප්‍රකාරව කටයුතු කිරීම.
අලෙවි සේවා
- බීජ වර්ග
- පැළ වර්ග
- උපකරණ (වතුර මෝටර්, උදළු තල, ස්ප්‍රේ යන්ත්‍ර වැනි)
- විසිතුරු පැල හා මල් වර්ග
- බිත්තර වී
- පොහොර වර්ග (කොම්පෝස්ට්, යූරියා)
- ගොවිජන සේවා අලෙවිසල මගින් දේශීය නිෂ්පාදන අලෙවි කිරීම.
ගොවිජන බැංකු සේවා
- ගොවි සංවිධාන හා සිතමු කාන්තා ගොවි සංවිධාන හරහා කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් පහසු ගෙවීමේ ක්‍රමය යටතේ ණය පහසුකම් ලබා දීම (කාබනික පොහොර නිෂ්පාදනය, යන්ත්‍රෝපකරණ සඳහා).
- තනි පුද්ගලයින් සඳහා ව්‍යවසායකත්ව ණය ලබා දීම.
- ළමා ඉතුරුම් පවත්වා ගෙන යාම.
- පුද්ගල ඉතුරුම් පවත්වා ගෙන යාම.
වෙනත් සේවා
- ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමයට ගොවීන් සම්බන්ධ කිරීම.
- පොල් වගාවට/ සුළු අපනයන භෝග වගාවට හා කෘෂිකර්ම උපදේශනය අවශ්‍ය ගොවීන්, අදාල නිලධාරීන් වෙත යොමු කිරීම.
An error has occurred while processing your request.
You may not be able to visit this page because of:
- an out-of-date bookmark/favourite
- a mistyped address
- a search engine that has an out-of-date listing for this site
- you have no access to this page
If difficulties persist, please contact the System Administrator of this site and report the error below.
















