නිවසක සිදු වූ මරණයක් ලියාපදිංචි කිරීම

1.මරණය සිදුවී දින 07ක් ඇතුලත ග්‍රාම නිලධාරී වෙත දැනුම් දෙන්න.

2.ග්‍රාම නිලධාරී  විසින් මරණය පිළිබඳව වාර්තාවක් ප්‍රදේශයේ රෙජිස්ට්‍රාර් වෙත යවනු ලැබේ.

3.මරණය ලියාපදිංචි කරනු ලබන්නේ මරණය සිදුවූ ප්‍රදේශයේ උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර් වරයා විසිනි. මරණ ප්‍රකාශය රෙජිස්ට්‍රාර් වරයාගෙන් ලබාගත හැක.

දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්,

i)  මරණය සිදුවන අවස්ථාවේදි එහි සිටි කිට්ටුම නෑදෑයා
ii) අවසන් වරට රෝගීව සිටියදී උපස්ථානය කළ කිට්ටුම නෑදෑයා

එවැනි නෑදෑයකු නොමැතිවූ විට,

මියගිය අය පදිංචි රෙජිස්ට්‍රාර් කොට්ඨාශය තුල වාසය කරන මියගිය තැනැත්තාගේ නෑදෑයකු

එවැනි නෑදෑයකු නොමැතිවූ විට,

i)මරණය සිදුවන අවස්ථාවේ එහි සිටි පුද්ගලයෙක්
ii)මරණය සිදුවූ ගෙදර පදිංචිකරු

ඉහත සඳහන් පුද්ගලයන් නොමැතිවූ විට

මළ සිරුර වැළලීමට, ආදාහනය කිරීමට හෝ වෙනත් ආකාරයකින් ඒ පිළිබඳ අවසන් කටයුතු කරන පුද්ගලයා
මරණය සිදු වී මාස 03ක් ඇතුලතදී මරණය ලියාපදිංචි කරවා ගත හැක.

මරණය සිදු වී මාස 03කින් පසුවද මරණය ලියාපදිංචි කරවා ගැනීමට හැකියාව ඇති අතර ඒ සඳහා කල් ගත වූ මරණ ලියාපදිංචි කිරීමේ විස්තර බලන්න.

මහ රෝහලක සිදු වූ මරණයක් ලියාපදිංචි කිරීම

1.මරණය ලියාපදිංචි කර ගැනීම සඳහා මරණය සිදු වූ මහ රෝහලේ සිටින උප්පැන්න හා මරණ රෙජිස්ට‍්‍රාර්වරයාට දැනම් දෙන්න.
2.මරණය ලියාපදිංචි කිරීම සඳහා දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්,

i.මරණය සිදුවූ වේලාවේ එහි සිටි පුද්ගලයන්
ii.මරණය සිදුවන වේලාවේ උපස්ථාන කළ පුද්ගලයා
iii.රෝහලේ වෛද්‍ය නිලධාරී

3.මරණය සිදුවන වේලාවේ උපස්ථාන කළ පුද්ගලයා දැනුම් දීම සඳහා අවශ්‍ය ප‍්‍රකාශය, මෙම වෙබ් අඩවියෙන් බාගත කරගන්න.
4.ඉදිරිපත් කළයුතු ලියවිලි

i.නිවැරදිව සම්පූර්ණ කරන ලද ප‍්‍රකාශය
ii.මරණය සිදු වූ බව තහවුරු කිරීමට රෝහලෙන් නිකුත් කළ වාර්තාව

පෞද්ගලික රෝහලක සිදු වූ මරණයක් ලියාපදිංචි කිරීම

1.මරණයක් ලියාපදිංචි කරන්නේ මරණය සිදු වූ ප‍්‍රදේශයේ සිටින උප්පැන්න හා මරණ රෙජිස්ට‍්‍රාර්වරයා විසිනි. මරණය සිදු වූයේ
පෞද්ගලික රෝහලක නම්, එම ප‍්‍රදේශයේ සිටින රෙජිස්ට‍්‍රාර්වරයාට මරණය ලියාපදිංචි කිරීමට දැනුම් දෙන්න.
2.මරණය ලියාපදිංචි කිරීම සඳහා දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්,

i.මරණය සිදුවූ වේලාවේ එහි සිටි පුද්ගලයන්

ii.මරණය සිදුවන වේලාවේ උපස්ථාන කළ පුද්ගලයා

iii.රෝහලේ වෛද්‍ය නිලධාරී

මරණය දැනුම් දීම සඳහා අවශ්‍ය ප‍්‍රකාශය, මෙම වෙබ් අඩවියෙන් බාගත කරගන්න. ඉදිරිපත් කළයුතු ලියවිලි,

i.නිවැරදිව සම්පූර්ණ කරන ලද ප‍්‍රකාශය
ii.මරණය සිදු වූ බව තහවුරු කිරීමට රෝහලෙන් නිකුත් කළ වාර්තාව

ග‍්‍රාමීය රෝහලක සිදු වූ මරණයක් ලියාපදිංචි කිරීම

1.මරණයක් ලියාපදිංචි කරන්නේ මරණය සිදු වූ ප‍්‍රදේශයේ සිටින උප්පැන්න හා මරණ රෙජිස්ට‍්‍රාර්වරයා විසිනි. මරණය සිදු වූයේ
ග‍්‍රාමීය රෝහලක නම්, එම ප‍්‍රදේශයේ සිටින රෙජිස්ට‍්‍රාර්වරයාට මරණය ලියාපදිංචි කිරීමට දැනුම් දෙන්න.
2.මරණය ලියාපදිංචි කිරීම සඳහා දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්,

i.මරණය සිදුවූ වේලාවේ එහි සිටි පුද්ගලයන්
ii.මරණය සිදුවන වේලාවේ උපස්ථාන කළ පුද්ගලයා
iii.රෝහලේ වෛද්‍ය නිලධාරී

මරණය දැනුම් දීම සඳහා අවශ්‍ය ප‍්‍රකාශය, මෙම වෙබ් අඩවියෙන් බාගත කරගන්න.

ඉදිරිපත් කළයුතු ලියවිලි,
i.නිවැරදිව සම්පූර්ණ කරන ලද ප‍්‍රකාශය
ii.මරණය සිදු වූ බව තහවුරු කිරීමට රෝහලෙන් නිකුත් කළ වාර්තාව

මරණ ලේඛණයක ඇතුලත් විස්තර සංශෝධනය කිරීම

  • අවශ්‍ය ප්‍රකාශ පත්‍රය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  රෙජිස්ට්‍රාර් අංශයෙන් ලබාගත හැක.
  • ප්‍රකාශ පත්‍රය මරණය සිදුවූ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ට ඉදිරිපත් කරන්න.
  • ප්‍රකාශ පත්‍රය ඉදිරිපත් කළ යුත්තේ පහත සඳහන් පුද්ගලයන්ගෙන් කෙනෙකු විසිනි.
  • සිද්ධිය ලියාපදිංචි කිරීම පිණිස ආරංචි සැපයු පුද්ගලයා
  • කාරණය පිළිබඳව සත්‍යතාවය දන්නා විශ්වාස කටයුතු පුද්ගලයා
  • මරණ ලේඛණයක ලියාපදිංචි කිරීමේ දිනය හැර අනිකුත් සියළුම තොරතුරු සංශෝධනය කළ හැකිය.
  • ප්‍රකාශ පත්‍රයට සැපයිය යුතු ගාස්තුව රු. 50.00 කි.
  • ප්‍රකාශ පත්‍රය සමඟ ප්‍රකාශ පත්‍රයෙන් කරන ලද ඉල්ලීමෙහි නිර්ව්‍යාජ බව සනාථ කිරීම ලබා ගත හැකි ලිඛිත සාක්ෂි ඉදිරිපත් කරන්න.

මරණ සහතිකයක පිටපතක් ලබා ගැනීම.

  • අවශ්‍ය ඉල්ලුම් පත්‍රය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශයෙන් ලබාගත හැක.
  • අයකරනු ලබන ගාස්තු,

                           I.මරණ සහතිකයේ අංකය සහ ලියාපදිංචි කළ දිනය දන්නා විට එක පිටපතකට ගාස්තුව රු.100.00

                          II.මරණ සහතිකයේ අංකය සහ ලියාපදිංචි කළ දිනය නොදන්නේ නම්, වර්ෂ දෙකකට නොවැඩි කාලයක ලේඛන  සෙවීමක් අවශ්‍ය වන අවස්ථාවක එක පිටපතකට ගාස්තුව රු.200.00

                          III.අවශ්‍ය මුදල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  රෙජිස්ට්‍රාර් අංශයට ගෙවන්න.

  • සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය රෙජිස්ට්‍රාර් අංශයට වෙත භාර දෙන්න.
  • මරණ සහතිකය තැපෑලෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය වේ නම් ලිපිනය ලියන ලද මුද්දර ඇලවූ ලියුම් කවරයක් ඉල්ලුම් පත්‍රය සමග ඉදිරිපත් කරන්න.
  • මරණ ලියාපදිංචි වී තිබේ නම්, මරණ සහතිකයක් යවනු ලබන අතර මරණය ලියාපදිංචි වී නොමැති නම් ඒ පිළිබඳව දන්වා ලිපියක් යවනු ලැබේ.

කල්ගතවූ මරණයක් ලියාපදිංචි කිරීම

  • අවශ්‍ය ප්‍රකාශ පත්‍රය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  රෙජිස්ට්‍රාර් අංශයෙන් ලබාගත හැක.
  • මරණයක් සිදුවී මාස තුනක් ඇතුලත දී ලියාපදිංචි කර නොමැති විටෙක එවැනි මරණයක් ලියාපදිංචි කරවා ගැනීමට පුළුවන.
  • එම ප්‍රකාශය කර තිබෙන්නේ එහි සඳහන් මරණය සිදුවී අවුරුදු 25කට වැඩි නොවන කාලයක් තුලදි නම් පමණක් මරණය ලියාපදිංචි කළ හැක.
  • ප්‍රකාශ පත්‍රය මරණය සිදුවූ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ට ඉදිරිපත් කරන්න.
  • ප්‍රකාශ පත්‍රය ඉදිරිපත් කළ හැකි පුද්ගලයන්
  • මරණයක් සිදුවන අවස්ථාවේ එහි සිටි හෝ මියගිය තැනැත්තා අවසන් වරට රෝගීව සිටියදී ඔහුට උපස්ථානය කළ කිට්ටුම නෑදෑයා
  • උනන්දුවක් දක්වන වෙනත් අය
  • ප්‍රකාශ පත්‍රය සඳහා ගාස්තුව රු. 50.00 කි.

වැඩිදුර තොරතුරු රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය වෙතින් ලබා ගත හැකිය


පුවත් සහ සිදුවීම්

27
දෙසැ2023
ආබාධ සහිත තැනැත්තන්ගේ ජාත්‍යන්තර දින ප්‍රාදේශීය සැමරුම්  උත්සවය

ආබාධ සහිත තැනැත්තන්ගේ ජාත්‍යන්තර දින ප්‍රාදේශීය සැමරුම් උත්සවය

ආබාධ සහිත තැනැත්තන්ගේ ජාත්‍යන්තර දින ප්‍රාදේශීය සැමරුම් ...

25
ඔක්2023
සාහිත්‍ය කලා මහෝත්සවය 2023

සාහිත්‍ය කලා මහෝත්සවය 2023

සාහිත්‍ය කලා මහෝත්සවය 2023

25
ජන2023
සංහිඳියා සංචාරය - යාපනය දොම්පෙ තෛපොංගල් සැමරුම.

සංහිඳියා සංචාරය - යාපනය දොම්පෙ තෛපොංගල් සැමරුම.

යාපනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කල යාපනය...

25
ජන2023
සංහිඳියා සංචාරය - යාපනය

සංහිඳියා සංචාරය - යාපනය

යාපනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා දොම්පෙ ප්‍රාදේශීය...

03
ජන2023
සියනෑ නිලදරු ප්‍රතිභා 2022

සියනෑ නිලදරු ප්‍රතිභා 2022

දොම්පෙ ප්‍රාදේශීය ලේකම්තුමාගේ සංකල්පයක් මත කාර්යාලයේ නිලධාරීන්ගේ...

27
දෙසැ2022
සිපිරි ගෙදරට නත්තල් ...

සිපිරි ගෙදරට නත්තල් ...

දොම්පෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා සමෘද්ධි ප්‍රජා...

20
දෙසැ2022
සිපිරි ගෙයින් ඔබ්බට...

සිපිරි ගෙයින් ඔබ්බට...

ගීතය තුළින් ඔබ දකිමු දෙවන වැඩසටහන 2022.11.25...

28
නොවැ2022
සිපිරි ගෙයින් ඔබ්බට...

සිපිරි ගෙයින් ඔබ්බට...

මීතිරිගල කන්දවත්ත බන්ධනාගාර මත්ද්‍රව්‍ය ප්‍රතිකාර හා පුනරුත්ථාපන...

21
ඔක්2022
දොම්පෙ වැඩිහිටි බල මණ්ඩල ආගමික වැඩසටහන

දොම්පෙ වැඩිහිටි බල මණ්ඩල ආගමික වැඩසටහන

දොම්පෙ වැඩිහිටි බල මණ්ඩල ආගමික වැඩසටහන -...

17
ඔක්2022
Build a house for Elder Person

Build a house for Elder Person

The initial opportunity to build a house...

« »
Scroll To Top