සමෘද්ධි සමාජ ආරක්ෂණ ප්රතිලාභ
සුදුසුකම්
සමෘද්ධි සහනාධාර හිමි ප්රතිලාභියෙකු වීම.
(1) සාමාන්‍ය දරු උපත් - ප්‍රතිලාභියාගේ පළමු, දෙවන හා තෙවන සජීවී හා අජීවී දරු උපත් සඳහා ගෙවන මුදල රු 7,500
අවශ්‍ය ලේඛන
රෝහල මඟින් නිකුත් කරන උපත් විස්තර පත්‍රිකාව.
(2) නිවුන් දරු උපත් - සාමාන්‍ය දරු උපතකදී ගෙවන රු 7,500 අමතරව පහත ප්රතිලාභ හිමිවේ.
(අ)එක් දරු ප්‍රසූතියකදී දරුවන් දෙදෙනෙකු බිහි කරන මව්වරු සඳහා මසකට රුපියල් 5,000 බැගින් වාරික 12 ක් (උපරිම රු 60,000)
(ආ)එක් දරු ප්‍රසූතියකදී දරුවන් තිදෙනෙකු හෝ ඊට වඩා බිහි කරන මව්වරු සඳහා මසකට රුපියල් 10,000 බැගින් වාරික 12 ක් (උපරිම රු 120,000)
(3) විවාහය
සමෘධි සමාජ ආරක්ෂණ අරමුදලේ ප්රලාභියාගේ හෝ දරුවෙකුගේ නීත්‍යානූකූල විවාහයක් සඳහා ගෙවන මුදල රු 7,500
අවශ්‍ය ලේඛන
විවාහ සහතිකය
උප්පැන්න සහතිකය (දරුවෙකුගේ විවාහයක් සඳහා පමණි.)
(4) රෝහල් ගතවීම්
ප්‍රතිලාභියා, කලත්‍රයා හෝ අවිවාහක දරුවන් වෙනුවෙන් ගෙවීම් කල හැකිය.
උපරිම මුදල රු 7,500 (රෝහල් ගත වූ එක් දිනකට රුපියල් 250 බැගින් දින 60ක්)
අවශ්‍ය ලේඛන
රෝග නිශ්චය කාඩ්පත
(5) මරණය
ප්‍රතිලාභියා, කලත්‍රයා, අවිවාහක දරුවන් හෝ ප්‍රතිලාභියාගේ දෙමව්පියන්ගේ මරණ වෙනුවෙන් ගෙවීම් කල හැකිය.
ගෙවන මුදල රු 15,000
අවශ්‍ය ලේඛන
මරණ සහතිකය හෝ
මරණය තහවුරු කරමින් ග්‍රාම නිලධාරි නිකුත් කළ ලිපිය
-------------------------------------------------------------------------------------------------------------------------------------------------------
සිප්දොර ශිෂ්‍යත්ව වැඩසටහන
සමෘද්ධි සමාජ ආරක්ෂණ අරමුදලේ ප්‍රතිලාභියෙකුගේ අ.පො.ස (සා.පෙල) උසස් ලෙස සමත්ව අ.පො.ස (උ.පෙල) හදාරන දරුවෙකු වෙනුවෙන් ඉල්ලුම් කළ හැකිය.
මසකට රු1,500 බැගින් මාස 24ක් සඳහා
තෝරා ගැනීම
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අදාළව,සමෘද්ධි සමාජ ආරක්ෂණ අරමුදලේ ප්‍රතිලාභින්ගේ වඩා උසස් ලෙස අ.පො.ස (සා.පෙල) සමත් දැරුවන් ප්‍රමුඛතාවය පිළිවෙල මත කමිටුවක් මඟින් තෝරා ගැනේ.
















